Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Monday, April 2, 2018

‘‘අවුරුද්දට බෝනස් ලැබෙන නිසා මාස දෙකක සල්ලි ගෙවන්න පුළුවන්නෙ..!‘‘ මාස දෙකකටත් එක්ක සල්ලි ඉල්ලපු ගුරුවරියකට පියෙකු කල වැඩේ..!

බණ්ඩාරගම ප්‍රදේශයේ පෙරපාසලක දරුවන්ගේ දෙමාපියන්ගෙන් මාස දෙකකට අදාල ගාස්තු ඉල්ලීම නිසා දරුවෙකුගේ පියෙකු විසින් අදාල පෙර පාසලේ ගුරුවරියකට වතුර බෝතලයකින් පහර දී ඇති පුවතක් වාර්තා වෙනවා.

බොහෝ පෙරපාසල් වල ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා කලට වේලාවට තම දරුවා වෙනුවෙන් පෙරපාසලට ගෙවිය යුතු මාසික ගාස්තු ලබා දෙන මවුපියන් අතරින් සමහරක් දෙනා දෙසැම්බර් යෙදෙන විවිධ ප්‍රසංගයත් සමඟ පැදුරටත් නොකියා යෑම නිසා අදාල පෙරපාසල් ගුරුවරිය විසින් අප්‍රේල් මස ගාස්තුව සමඟ දෙසැම්බර් මස ගාස්තුවද ඉල්ලා තිබෙනවා.

එළඹෙන සිංහල අලුත් අවුරුදු සඳහා බෝනස් ලැබෙන බැවින් මෙලෙස මාස දෙකක ගාස්තු ගෙවීම අපහසු නොවන බව පෙන්වාදෙමින් ගුරුවරිය මවුපියන් අමතා ලබාදුන් පණිවුඩය එක් දරුවකුගේ මවක් සිය සැමියාට පැවසීමත් සමඟ පසුදා දරුවාගේ පියා දරුවා සමඟ පෙරපාසලට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී දරුවාගේ පියා අදාල ගුරුවරියට දරුවාගේ වතුර බෝතලයෙන් ගසා ඇති අතර ගුරුවරියගේ සැමියාටද පහර දීමට තැත් කිරීම නිසා සිද්ධිය දුරදිග ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පෙර පාසලේ සෑම මාසයක් සඳහාම මාසික ගාස්තු වශයෙන් එක් දරුවකුගෙන් රුපියල් 500ක් අය කරගන්නා අතර පෙර පාසලේ එම ගාස්තුවට වඩා ඉහළ ගිය අධ්‍යාපනයක් ලබාදෙන බවයි ගුරුවරිය ප්‍රකාශ කරන්නේ.

No comments:

Post a Comment