Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Tuesday, April 10, 2018

" අනූෂා අක්කාගේ තනියට තිවංක මල්ලිත් " මවුබිමට තවත් බොක්සිං පදක්කමක් සහතිකයි , ඩයන් ගෝමස්ගේ ගෝලයෝ වැඩ පෙන්වූ හැටි .!

පැවැත්වෙන පොදු රදු මඩුලු ක්‍රීඩා උළේලේ බොක්ෂිං ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට තවත් පදක්කමක් හිමිව තිබෙනවා. මින් පෙර කාන්තා 45 - 48 kg බර පන්තියෙන් තරග වැදුනු අනූෂා කොඩිතුවක්කු අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබමින් මවුබිම වෙනුවෙන් බොක්ෂිං පදක්කමක් සුරක්ෂිත කලා.

අද දින පිරිමි 46 - 49 kg බර පන්තියෙන් තරග වැදුනු තිවංක රණසිංහ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබමින් මවුබිම වෙනුවෙන් තවත් බොක්ෂිං පදක්කමක් සුරක්ෂිත කළා. ශ්‍රී ලංකාවට මෙම බර ඛාණ්ඩයෙන් පිරිමි බොක්ෂිං පොදු රද මඩුලු පදක්කමක් හිමි වන්නේ වසර 68කට පමණ පසුව වීම විශේෂත්වයක්.

මේ අතර හෙට (11) ශ්‍රී ලාංකික ක්‍රීඩිකා අනූෂා කොඩිතුවක්කුගේ අවසන් පූර්ව තරගය දින පැවැත්වීමටද නියමිතයි.

ශ්‍රී ලාංකික බොක්ෂිං ක්‍රීඩාව මෙලෙසින් ලැබු ජයග්‍රහන සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අප්‍රතිහත ධෛර්යය , කැපකිරීම මෙන්ම ශ්‍රී ලංකාවේ බොක්ෂිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැක බලා ගත් පුහුණුකරු ඩයන් ගෝමස්ගේ සේවය ඉතා බලපෑ බව විචාරකයන් සදහන් කර තිබුනා.

No comments:

Post a Comment