Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Saturday, April 7, 2018

" ඉන්දීය ප්‍රීමියර් ලීගය අනුගමනය කරමින් ලංකන් ප්‍රීමියර් ලීග් කරළියට " තරඟාවලියේ සියලු වගකීම් රසල් ආර්නෝල්ඩ් ට ?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ඉදිරියේදී සංවිධානය කිරීමට නියමිත ලන්කන් ප්‍රීමියර් ලීග තරඟාවලියේ කටයුතු මෙහෙයවීම සඳහා තරඟාවලියේ අධ්‍යක්ෂක ලෙස හිටපු ක්‍රීඩක රසල් ආනෝල්ඩ් පත් කිරීමේ සුදානමක් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

තරඟාවලිය අගෝස්තු 18 සිට සැප්තැම්බර් 10 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර කණ්ඩායම් 6ක් ක්‍රීඩා කරන තරඟාවලිය සඳහා ප්‍රබල ක්‍රීඩකයන් රැසක් ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපේක්ෂා කරන බවද මේ වනවිට වාර්තා වේ.

රසල් ආනෝල්ඩ් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයෙකු ලෙස ඉහල දක්ෂතා පෙන්වූ අතර මේ වන විට ක්‍රිකට් විචාරකයෙකු ලෙස ලෝකය පුරා හොඳ නමක් දිනාගන්නටද ආනෝල්ඩ් සමත් වී ඇත.

“නිදහස් කුසලානය අපි හොඳට කළා,LPL තරඟාවලිය කියන්නේ ඊට වැඩිය ලොකු අභියෝගයක් ,ආනල්ඩ් කියන්නේ ලෝකය පුරාම ගිහින් හැම ප්‍රීමියර් ලීග තරඟාවලියක් ගැනම හොඳ අවබෝධයක් තියන කෙනෙක් ඒ නිසා මේ තරඟාවලියේ වගකීම දෙන්න හොඳම කෙනා ආනල්ඩ් කියල අපි හිතනවා,”ක්‍රිකට් ආයතන ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය මේ පිළිබදව වාර්තා කර තිබුණි.

තරඟාවලිය සඳහා වගකීම් මේ මස රසල් ආර්නෝල්ඩ්ට පැවරීම සිදුකරන බවද තරඟාවලිය සම්බන්ධව ආනල්ඩ්ගේ කාර්යයන් මැයි මාසයේ ආරම්භය සමඟ ආරම්භ වන බවද එම වාර්තාවන්හි වැඩි දුරටත් දක්වා තිබේ මෙම තරඟාවලිය IPL තරඟාවලිය පිළිබඳවත් අධ්‍යනය කර ආරම්භ කිරීමට නියමිත බවද සදහන්.

No comments:

Post a Comment