Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Monday, April 2, 2018

‘තරුණ පිරිස් පන්සලෙන් ඈත් වෙලා,තොරණ දන්සල් තහනම හොඳයි‘ - ඥාණසාර හිමියෝ කියන කතාව මෙන්න

තොරණ ප්‍රදර්ශනය හා දන්සල පැවැත්වීම වෙසක් ‍පොසොන් ඇසළ ‍පොහෝ දිනයන්හි තහනම් කරන්න ගත්ත තීරණය අගය කළ යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහ‍ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පවසති.

උන්වහන්සේ ඒ බැව් පැවැසුවේ කුලියාපිටිය ගලහිටියාව තරුණ බෞද්ධ සංගමය 9 වැනි වරටත් පවත්වන්නට යෙදුණ ‍ලේ දන්දීමේ පින්කම අනතුරුව පෙරේදා (31) සංවිධානය කර තිබූ ධර්ම දේශනාවකදීය.

එහිදී උන්වහන්සේ මෙසේද පැවැසීය.

වාහනයක් වුවත් මාසෙකට සැරයක් සේවාවන්ට යටත් කරනවා. තෙල් ඔයිල් බලනවා. අන්න ඒ වගේ අපේ මිනිස්සු මාසෙකටවත් එක දවසක් තමන්ගේ ඔලු හදාගන්න ඕනා. දැවි දැවී ජීවත්වෙන්න අපේ අයට ඒ විදිහට හිත් හදාගන්න තියෙන්නේ ‍පොහොය දවසේ පමණයි.අද ‍පොහොය දවසේ පන්සලකට ගිහින් බලපුවහම වැඩිහිටි නිවාසයක් වගේ වයසට ගිය පිරිස පමණයි පන්ස‍ලේ ඉන්නේ. තරුණ පිරිස් පන්සලෙන් ඈත් වෙලා.

රටට ජාතියට ශාසනයට විනකටින දේ සිදුවීම නවත්වන්න විවේචන ඉදිරිපත් කර ඒ දේවල්වලට එරෙහි වෙනවා සේම කවුරුන් යහපත් දේ කළත් වැදගත් තීන්දු තීරණ ගත්තත් එය අගයන්නත් හැකියාව තමන් වහන්සේ සතුව පවතින බවද එහිදී පැවැසූ උන්වහන්සේ වෙසක් ‍පොසොන් පමණක් නොව සෑම ‍පොහොයක්ම බෞද්ධයින් පිළිවෙත් පිරිය යුතු බවත් ප්‍රතිපත්ති පූජා සමග සම්බන්ධව කටයුතු කළ යුතු බවත් පැවැසූහ. සියලුම බෞද්ධයින් ‍පොහොයට පන්සල සමග එක්වීමේ අවශ්‍යතාවයද එහිදී උන්වහන්සේ වැඩිදුරටත් සිහිපත් කළහ.

No comments:

Post a Comment