Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Monday, April 9, 2018

විදුහල්පතිගේ කාමරය කඩා සිසුන් පස්දෙනෙකු කරපු වැඩේ...!

බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයාගේ කාමරය බිඳ ජංගම දුරථන 10 ක් සොරකම් කළ බව කියන සිද්ධියකට අදාලව සිසුන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව බදුල්ල පොලීසිය පවසනවා. වයස අවුරුදු 18 සහ 17 යන වයස් සීමාවන්හි පසුවන ඔවුන් පස් දෙනාගෙන් 4 දෙනෙකු එම පාසලේම අධ්‍යාපනය ලබන අතර අනෙක් සිසුවා ඌව මහා විද්‍යාලයේ ශිෂ්‍යයෙක් බවයි සඳහන් වන්නේ.

පාසලට දුරකතන රැගෙන ඒම තහනම් කර ඇති අතර සිසුන් පරීක්ෂා කිරීමේදී හමුවූ ජංගම දුරකතන 10 ක් දෙමාපියන් කැඳවා ඔවුන්ට භාරදීමට නියෝජ්‍ය විදුහල්පතිවරයාගේ කාමරයේ තබා තිබූ අවස්ථාවේදී මෙලෙස සොරකම් කර ඇති බවයි වාර්ථා වන්නේ.

මෙලෙස අත් අඩංගුවට ගත් සිසුන් සන්තකයේ තිබී අදාල දුරකතන සොයාගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකගේ මූලිකත්වයෙන් පරීක්ෂණ සිදුකරනු ලබනවා.

No comments:

Post a Comment