Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Friday, March 30, 2018

වෙසක් සහ පොසොන් පෝ දිනවල තොරණ ප්‍රදර්ශණය කිරීම තහනම් කරයි! හේතුව මෙන්න!

වෙසක් සහ පොසොන් පොහෝ දිනවලදී තොරණ ප්‍රදර්ශණය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට බුද්ධශාසන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ඉතා වැදගත් මෙම පොහෝ දිනවලත් තරුණ පිරිස් පන්සලේ රැඳී නොසිටීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

සවස් කාලයේදී ආගමික වාත්වත් වලට වැඩිහිටියන් කිහිප දෙනෙක් ඉතිරි වෙනවා මිස වෙනත් කවුරුත් පන්සල්වල රැඳෙන්නේ නැතිකම නිසා සියලු තොරණ පෝයට පසු දින සිට ප්‍රදර්ශණය කරන ලෙසට දන්වන බවද කියති.

අමරපුරසිරි සද්ධම්මවංස මහා නිකායේ ප්‍රදාන සංඝ නායක පදවියෙන් පිදුම් ලැබූ විශ්‍රාමලත් ගුරු උපදේශක ශාස්ත්‍රපති ගල්වෙහෙර විමලිසිරි හිමියන්ට අක්කපත්‍ර ප්‍රදානය කිරීම නිමිත්තෙන් බලපිටිය පාතේගම කොවිලවත්තේ බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකදී බුද්ධ ශාසන ඇමති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා මේ බව හෙලි කලේය.

No comments:

Post a Comment