Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Tuesday, March 27, 2018

පෝට් සිටියට අලුත් නමක් දෙන්න,ලක්ෂයකුත් දිනා ඉතිහාසයට එක්වන්න - සියලු ශ්‍රී ලාංකිකයන්ට අනගි අවස්ථාවක් !


පෝට් සිටි (වරාය නගරය) ලෙසින් දැනට හඳුන්වනු ලබන, මේ වන විට ඉදිවෙමින් පවතින කොලඹ වරාය නගරයට ‘නමක් ‘යෝජනා කොට ඉතිහාසයට එක්වීමටත්, මුදලින් රුපියල් 100 000 දිනාගැනීමේ අවස්ථාව දැන් ඔබටත් හිමිව තිබෙනවා.

,දකුණු ආසියාවට නවීන ජාත්‍යන්තර නගරයක් තිළිණ කිරීම උදෙසා ශී‍්‍ර ලංකාවේ අනාගත දැක්මට අනුව ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක සුවිශාල ආයෝජනයකින් ඉදිවෙන මෙය, අනාගත ලෝකයේ ජාත්‍යන්තර ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්වනු ඇත.

මේ සඳහා ඔබ කළ යුතු වන්නේ කොළඹ වරාය නගරයට ගැලපේවි යැයි සිතන නමක් nameportcity@chec.lk නම් කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ නිළ විද්‍යුත් ලිපිනයට වෙත යොමුකිරීමයි.

කෙසේ නමුත් මීට කොන්දේසි කිහිපයක්ද අදාළ වන අතර ඔබ යෝජනා කරන නම උපරිම වචන තුනක නමක් විය යුතුය.එම නාමය ඕනෑම භාෂාවකින් ඉදිරිපත්කළ හැකි නමුත් එහි ඉංග‍්‍රීසි, සිංහල සහ දෙමළ පරිවර්තනය තුළ සෘණාත්මක ආකල්ප අන්තර්ගත නොවිය යුතුය.එමෙන්ම ඔබ යෝජනා කරන නම පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක්ද කළ යුතුය.

මෙම නාමය දේශීය මෙන්ම විදේශීය ජනතාවගේද ආකර්ෂණයදිනාගන්නා නමක් විය යුතුය.ඔබේ සම්පූර්ණ නම, ජාතික හැඳුනුම්පතේ ජායා පිටපතක් සහ ඔබ සම්බන්ධ කරගැනීමේ තොරතුරුද ඔබ යෝජනා කරන නම ඇතුළත් කළ යුතුය.

ඔබට කැමති තරම් ‘නම්’ යෝජනා එවීමට හැකි අතර නම් භාර ගැනීමේ අවසාන දිනය 2018 අපේ‍්‍රල් 2 වේ.නම් භාර ගැනීමේ අවසන් දිනයට පසුව ලැබෙන නම් ප‍්‍රතික්ෂේප කෙරේ.

ලැබෙන සියලූම නම් මහානගර හා බස්නාහිර සංවර්ධනය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත්කරනු ලබන තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විසින් අගයනු ලැබේ.
ජයග‍්‍රාහකයාට 2018 අපේ‍්‍රල් 30 දින තැපැල් හා ඊමේල් මගින් දැනුම් දෙනු ලැබේ.

රු.100,000/- ත්‍යාගය හිමිවන්නේ තෝරාගනු ලබන නම ඉදිරිපත් කළ එක් ජයග‍්‍ර‍්‍රාහකයෙකුට හෝ ජයග‍්‍ර‍්‍රාහිකාවකට පමණි.

ඉහත දැක්වෙන නිර්ණායක සමඟ එකඟ වුවද ඕනෑම නමක් පිළිගැනීමේ හෝ ප‍්‍රතික්ෂේප කිරීමේ අයිතිය ඉහත පත් කරනු ලබන කමිටුව සතු වන අතර කමිටුවේ තීරණය අවසන් තීරණය වේ.

ජයග‍්‍රාහකයාට රු.100,000/-ක් පි˙නැමෙන අතර දකුණු ආසියානු ඉතිහාසය තුළ ස්වකීය නම සනිටුහන් කරගැනීමේ සුවිශේෂී අවස්ථාවද ඔහුට/ඇයට හිමිවනු ඇත.

No comments:

Post a Comment