Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Thursday, March 15, 2018

කොස් ගෙඩියේ ආරවුලෙන් පුර පෝදා සිදුවු මිනීමැරුමේ ඝාතකයා සියල්ල පාපෝච්චාරණය කරයි

තල්ගමුවලාගේ නෙවිල් සෙනෙවිරත්න පනස් අට වියේ පසු වූ විවාහකයෙනි. ජීවිකාව සදහා ඔහු පෙදරේරු රැකියාව තෝරාගෙන තිබූ අතර ඉන් උපයා ගන්නා මුදලින් සිය දරු පවුලට අමතරව පියා වන පියදාසත් ජීවත් කරවීම ඔහුගේ අධිෂ්ඨානය විය. එම නිවෙසට ආසන්නයේ නිවෙසක පදිංචිව සිටින නෙවිල්ගේ බාප්පා කෙනෙකුගේ පුතෙකු වන ටෙනිෂන් නොහොත් ෂෙල්ටන් ද පෙදරේරු වෘත්තියේ යෙදුණු පුද්ගලයෙකි. තිස් අට වියේ පසු වූ ඔහු ද විවාහකයෙකි.

මැදින් පුර පසොලොස්වක පොහොය දින පෙදරේරු රැකියාවට නොගොස් ගෙදර නැවතුනු ෂෙල්ටන් එදින මධ්‍යහනය පසුවත්ම රාත්‍රී ආහාරය සකස් කර ගැනිම සඳහා කොස් ගෙඩියක් කඩා ගැනීමට නෙවිල්ගේ නිවෙස අසල වූ කොස් ගසක් අසලට ගියේ ඔහුගෙන් හෝ ඊට විරෝධයක් එල්ල නොවනු ඇතැයි සිතාය. මහත් ආයාසයෙන් කොස් ගෙඩියක් කඩාගත් ෂෙල්ටන්ට එහි නටුවේ කොටසක් කපා ඉවත් කර ගැනීමට පිහියක් අවශ්‍ය විය. ඒ සදහා නෙවිල්ට කතා කළ ෂෙල්ටන් “නෙවිල් මට පිහියක් දීපන්කෝ” කියා ඉල්ලීය. එහෙත් ඒ මොහොතේ සිතට ඇති වූ සැකය නිසා ෂෙල්ටන්ට පිහියක් ලබාදීම නෙවිල් ප්‍රතික්ෂේප කළේය.

“මගේ ළඟ පිහියක් නෑ”

නෙවිල් උස් හඬින් ෂෙල්ටන්ට කීවේය. එම වදනින් ෂෙල්ටන්ගේ සිතට ක්ෂණික කෝපයක් ඇතිවිය. එහි ප්‍රතිඵලයක් ලෙස ෂෙල්ටන් හා නෙවිල් අතර බහින් බස් වීමක් ඇති විය.අවසානයේ ෂෙල්ටන් එම ස්ථානයෙන් පිටත්ව තම නිවෙසට ගියේ කේන්තියෙනි. යක්ෂාවේශ වූ ෂෙල්ටන් නිවෙසෙහි තිබූ මුගුරක් ගෙන යළි සිය සහෝදරයාගේ නිවෙසට විදුලි වේගයෙන් දිව ගියේය. නෙවිල්ගේ නිවෙසට ගිය ෂෙල්ටන් නෙවිල්ට මෙන්ම පියාගේ සහෝදරයා වූ පියදාසට ද පිහි පහර එල්ල කළේය. වයෝවෘධ තත්ත්වයේ පසු වූ පියදාසට මින් කර කියා ගත හැකි දෙයක් නොවූ අතර පහර කෑ නෙවිල් මරළතෝනි දෙද්දී අසල්වාසි ඥාති කාන්තාවක වූ චන්ද්‍රාවති එම ස්ථානයට දිව ආවාය. ඇයද උදව් ඉල්ලා කෑ ගසන්නට වූ අතර ඒ හඬ ඇසුණු බොහෝ දෙනකු එම ස්ථානයට පැමිණ පහර කෑ නෙවිල් මාවනැල්ල රෝහලට ගෙනයාමට කටයුතු කළහ. ඒ අතර තවත් පිරිසක් පහරදුන් ෂෙල්ටන් ගස් බැඳ 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට මේ බව දැනුම් දුනනේය. 119 අංශය මේ බව මැවනැල්ල පොලිසියට දුන් වූ අතර මාවනැල්ල පොලිසියේ කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සැකකාර ෂෙල්ටන් අත්අඩංගුවට ගත්තේය.

මේ අතර බරපතල තත්වයේ පසුවූ නෙවිල් මහනුවර රෝහලට මාරු කර යැවීමට මැවනැල්ල රෝහලේ බලධාරීන් කටයුතු කළේය.

එදින සවස් වෙද්දී මාවනැල්ල පොලිස් ස්ථානය වෙත රැගෙන ගිය ෂෙල්ටන්ගෙන් කට උත්තර ලබා ගැනීමට සැරසිණි. ඒත් සමඟ ෂෙල්ටන් අත්අඩංගුවෙන් මිදී පලා ගියේය.

අතටම අල්ලා දුන් සැකකරු එලෙස පලා යද්දී පොලිසියට ඔහු සොයා ගැනීම සඳහා යළිත් මෙහෙයුමක් දියත් කිරීමට සිදු විය.

මේ අතර මහනුවර මහ රෝහලෙන් යැවූ නෙවිල් කෑගල්ල මහ රෝහලට මාරු කර යැවිණි. ඒ... ඔහුගේ ජීවිතය බේරා ගැනිමට නොහැකි බව පරීක්ෂණවලදී ඔප්පු වූ නිසා විය යුතුය. එලෙස මාරු කර එවීමෙන් අනතුරුව පසුගිය දෙවැනිදා අලුයම නෙවිල් සිය ජීවිතයෙන් සමු ගත්තේය.

පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් සිටි ෂෙල්ටන් සොයා දියත් කළ මෙහෙයුම් එදින අසාර්ථක වුවද පසුව ඔහු සිටින ස්ථානය පිළිබඳ පොලිසියට තොරතුරක් ලැබිණි.

එම තොරතුරට අනුව ඊට පසුදින ෂෙල්ටන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය. ඒ වැලිගල්ල ප්‍රදේශයේ සැඟව සිටියදීය.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ප්‍රශ්න කිරීමේදී ඔහු තමා අතින් සිදු වූ අපරාධය ගැන පාපොච්ඡාරණයක් කළේය.

“ ඒ වෙලාවේ නෙවිල් ඇවිත් පිහියක් ඉල්ලද්දී මට බය හිතුණා. ඒකයි මම පිහියක් නොදී හිටියේ. ඒත්.. ඒකට එයා මාත් එක්ක බහින් බස් වෙලා යන්න ගියාම මට තරහ වැඩි වුණා. ඒකයි මම පොල්ලක් අරගෙන ගහන්න හිතුවේ.”

අත්අඩංගුවට පත් වූ ෂෙල්ටන් එදින මාවනැල්ල වැඩ බලන මහේස්ත්‍රාත් රූපිකා මහත්මිය වෙත ඉදිරිපත් කරන ලදුව මෙම මස 14 (හෙට) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

මාවනැල්ල පොලිස් ස්ථානාධිපති එම්. ඩී. ඩී. නිලංග, අපරාධ අංශයේ ස්ථානාධිපති අකිල කරුණාරත්න ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණවල නිරත විය.

(පොලිස් පරික්ෂණ ඇසුරෙන් සකස් කරන ලදී)

[උපුටාගැනීම පුවත්පතකින් | ඩබ්ලිව්. රෝහණ - බුලත්කොහුපිටිය සමූහ]

No comments:

Post a Comment