Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Sunday, March 25, 2018

නිදහසේ පෙම්සුව විඳින්න හුංගමට ගිය පෙම් යුවලකට වෙච්ච අපරාධය

හුංගම - උස්සන්ගොඩ ජාතික උද්‍යානය නැරඹීමට ගිය පෙම් යුවළකට පහරදී ඔවුන්ගේ රන් ආභරණ සහ දුරකථන කොල්ල කා පලා ගොස් ඇති බවට හුංගම පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බව පොලිසිය පවසනවා.

උස්සන්ගොඩ ජාතික උද්‍යානය පැමිණ වෙරළ ආසන්නයට ගිය අවස්ථාවේ දී එම ස්ථානයට පැමිණි තරුණයින් තිදෙනෙක් විසින් පෙම්වතුන් දෙදෙනාට පොලු වලින් පහර දී ඔවුන් සතු වටිනා ද්‍රව්‍ය කොල්ල කා යතුරුපැදියකින් පලාගොස් තිබෙනවා.
පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිසියට ලද තොරතුරක් මත සිද්ධියට අදාල එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදී සෙසු සැකකරුවන් දෙදෙනා සහ ඔවුන් පලාගිය යතුරුපැදියද අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් විසින් කොල්ලකන ලද රන් භාණ්ඩ උකස්කර තිබූ කුවිතාන්සි පත් සහ කොල්ලකන ලද ජංගම දුරකථනද ඔවුන් සතුව තිබී සොයාගැනීමට හැකිව තිබෙනවා.

පොලිසිය පවසන්නේ සැකකරුවන් නෝනගම සහ එක්කස්සල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

සැකකරුවන් අඟුනකොලපැලැස්ස මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු හඳුනාගැනිමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක් ලබන අප්‍රේල් 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

No comments:

Post a Comment