Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Monday, March 26, 2018

හදවතේ ගායකයා චාමර වෙනුවෙන් කල අපූරු නිර්මාණයකට චාමර කියපු දේ..!

‘‘ඒත් හිතුවෙ නෑ මල්ලි උඹලගෙ අත් වලින් මගේ රූපෙ මේ විදිටය දකින්න පුලුවන් වෙයි කියල. ‘‘

චාමර වීරසිංහ නිහතමානී දක්ෂ කලාකරුවෙකු විදියට තමයි සංගීතයට ආදරය කරන හැමෝම හඳුනාගෙන තියෙන්නෙ. මේ නිසාම චාමර වීරසිංහට බොහෝ දෙනා කියන්නෙ හදවතේ ගායකයා කියලා. චාමරට තියෙන මේ ආදරය නිසාම පහුගිය කාලයේ චාමරගේ රුව සිත්තම් කරන එක ,ඒ වගේම චාමරගෙ රුව සහිත ටැටූ ගහන එක තරුණයින් අතර උන්මාදයක් බවට පත්ව තිබුනා.

මේ අතරෙ චාමරගෙ රුව නිර්මාණය කරපු අපූරු තරුණයෙකු ගැනත් මේ වෙද්දි සමාජ ජාලාවල බහුලව කතා බහට ලක්වෙමින් පවතිනවා. ඉතා නිර්මාණශීලී ලෙස චාමරගේ රුව නිර්මාණය කල ශාන් නැමැති එම තරුණයාට ස්තුති කර සටහනක් තබන්නටද චාමර වීරසිංහ අමතක කර තිබුනේ නැහැ. ඔහු මේ නිර්මාණය කරපු තරුණයට ස්තුති කරලා තිබුනෙ මේ විදියට.

‘‘පැන්සල් තුඩකින් පාට පැන්සලකින් පෑනකින් පැතලි කඩදාසියක මගේ රුව සිතුවමට නැගුනා..හැමෝම කියන විදියට ඒ මගේ මනුස්සමක හින්දලු.ඒත් හිතුවෙ නෑ මල්ලි උඹලගෙ අත් වලින් මගේ රූපෙ මේ විදිටය දකින්න පුලුවන් වෙයි කියල.දවස් ගානක් උඹ මගේ රූපෙ අඹන්න ඇති මහන්සි වෙන්න ඇති.දුප්පත් පවුලක ඉපදිල අද වෙනකොට මගේ මිනිස්සු මට දීපු හයියෙන් මම ගොඩක් දුර ආවා.ගොඩක් පින් හැමෝටම.වචන කීපයකට සංගීතය මුසු කරල මම එදා ගායනා කරද්දි කවදාවත් හිතුවෙ නෑ ඕගොල්ලො මාව මේ වගේ තැනකට ගෙනයි කියල.සිය දහස් වාරයක් ස්තුතියි හැමෝටම.මේ නිර්මාණය කරපු ශාන් මල්ලි ඔයාටත් ගොඩක් ස්තුතියි.උත්සහය ගොඩක් අගය කරනව. බුදු සරණයි..‘‘

No comments:

Post a Comment