Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Monday, March 19, 2018

දියවන්නා ඔයට වැටුන BMW i8 එක අයිති ඇමති මස්සිනා මෙන්න – CCTV දර්ශන සහිතයි

තලවතුගොඩ හන්දිය ආසන්නයේ අධික වේගයෙන් ධාවනය වූ බී. එම්. ඩබ්ලිව්. සුපිරි මෝටර් රථයක්‌ තවත් රථ දෙකක ද ගැටී පසුව ඒ අසල තිබූ දියවන්නා ඔයට වැටී අනතුරට ලක්‌වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය පුළුල් පරීක්‍ෂණයක්‌ අරඹා තිබේ. පෙරේදා (17 දා) උදේ 6.00 ට පමණ සිදු වූ මෙම අනතුරින් පසු මෝටර් රථයේ රියෑදුරු පලාගොස්‌ ඇතැයි පොලිසිය කියයි.

අපරීක්‍ෂාකාරී අයුරින් වේගයෙන් රිය පදවා ඇති මෙම මෝටර් රථයේ රියෑදුරු අධික ලෙස මත්පැන් පානය කර රථය පදවන්නට ඇතැයි සැක කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ ඊයේ (18 වැනිදා) පැවැසීය.

අනතුර සිදුවීමට පෙර තලවතුගොඩ මංසන්ධිය ආසන්නයේ පිහිටි සමාජ ශාලාවක රථ ගාලක නවතා තිබී ඇති මෙම සුපිරි මෝටර් රථය පෙරේදා (17 දා) උදේ 5.30 ට පමණ පණගන්වාගෙන අධික වේගයෙන් පිටව යන ආකාරය ආරක්‍ෂක කැමරාවක (සීසීටීවී) සටහන් වී ඇතැයි ද එම නිලධාරියා කියා සිටියේය.මෙම රථය ලියාපදිංචි කර නොමැති රථයක්‌ බව හෙළිවිනැයි ද පොලිසිය කියයි.

මෙම සුපිරි බී. එම්. ඩබ්. මෝටර් රථය එක්‌සත් ජාතික පක්‌ෂ ප්‍රබල ඇමැතිවරයකුගේ මස්‌සිනා වන පුද්ගලයකුට අයත් රථයක්‌ බව හෙළිව ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවැසීය.මෙම සුපිරි රථයේ වටිනාකම රුපියල් ලක්‌ෂ 580 කට වඩා අධික බවද හෙතෙම කීය.

මෙම ප්‍රබල ඇමැතිවරයාගේ මස්‌සිනා ව්‍යාපාරිකයකු බවත් අනතුරින් පසු ඔහු පලාගොස්‌ ඇති බවත් සැකකරු අත්අඩංගුවට ගැනීමට තලංගම පොලිසිය පුළුල් පරීක්‌ෂණයක්‌ අරඹා ඇති බවත් හෙතෙම පැවැසීය.

වාර්තාවලට අනුව ඔහු එම රථය මිලදී ගෙන ඇත්තේ කොළඹ ඉසිපතන මාවතේ, BMW- Bavarian Motors Pvt Ltd ආයතනයෙනි. මේ අතර තලවතුගොඩ වහන දෙකක් අනතුරුට ලක් කරමින් ධාවනය කළ රථයේ හිමිකරු තම ඥාතියෙකු බව අමාත්‍ය කබීර් හෂිම් මහතා පවසනවා. කබීර් අමාත්‍යවරයාගේ බිරිඳගේ සහෝදරයකු වන රිකාස් හුසේන් යන අය බව මේ වනවිට වාර්තා පල වෙමින් පවතිනවා.

උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එම පුද්ලගයා තම කාර්ය මණ්ඩලයේ හෝ දේශපාලන කටයුතු වලට සම්බන්ධ නොමැති අයෙකු බවයි.

ඊයේ තලවතුගොඩ ප්‍රදේශයේදි බී.එම්.ඩබ්ලිව් මෝටර් රථයක් විසින් තවත් මෝටර් රථ දෙකක් අනතුරට පත්කරමින් අසළ තිබු ඇලකට පෙරළි තිබුණා. මෙම අනතුර සම්බන්ධයෙන් තලංගම පොලිසිය විසින් මේ වන විට පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

එ අනුව , දැනට පොලිසිය විසින් සිදුකරණ පරික්ෂණවල සිය පුර්ණ සහයෝගය පිරිනමන බවයි උසස් අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍ය සිය නිවේදනය මගින් පවසන්නේ.

උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය නිකුත් කළ නිවේදනය

තලවතුගොඩ දී 2018 – 03 – 17 දින බී.එම්.ඩබ්ලිව් මෝටර් රථයක් සහ තවත් මෝටර් රථ දෙකක් අනතුරට පත්වීම සම්බන්ධයෙන් ඇතැම් වෙබ් අඩවිවල පළවන වාර්ථා මාගේ අවධානයට ලක් කළෙමි. රිය අනතුරට භාජනය වූ එක් මොටර් රථයක් පදවා ඇත්තේ මාගේ ඥාතීයෙකු වන නමුත් ඔහු මගේ අමාත්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකු නොවන බවත්, මාගේ දේශපාලන කටයුතුවලට කිසිසේත්ම සම්බන්ධයක් නැති පුද්ගලයෙකු බවත් අවධාරනය කරමි. තව දුරටත් මේ සම්බන්ධයෙන් පොලීසිය විසින් කරගෙන යනු ලබන අපක්ෂපාතී පරීක්ෂණ වෙනුවෙන් අවශ්‍ය ඕනෑම මොහොතකදී මාගේ සහයෝගය උපරිමයෙන් ලබා දීමට මැදිහත් වන බවද අවධාරනය කරනු කැමැත්තෙමි.

ස්තූතියි මෙයට – විශ්වාසී
කබීර් හෂීම්
උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය

මේ පිළිබඳව තලංගම පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක අර්ජුන මාහින්කන්ද මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ පරීක්‍ෂක කුලවර්ධන ඇතුළු කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.



No comments:

Post a Comment