Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Thursday, March 29, 2018

බේරුවල ගමක් එක්වී පොලිස් නිළධාරීන් නිවසක සිරකර ගුටි බැට දෙයි...! පහරදීම පිටුපස ඉන්නේ කවුද..?

බේරුවෙල බාපද්දාකඩේ ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය නීති විරෝධී දුම්වැටි අලෙවි කරන ස්ථානයක් වැටලීමට වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය පසුගියදා කටයුතු කර තිබුණා.

එම ප්‍රදේශයේ වෙළඳ සැලක නීති විරෝධී දුම්වැටි අලෙවි කරන බවට ලද තොරතුරකට අනුව වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් වැටලීම සඳහා එම ප්‍රදේශයට ගොස් තිබූ අතර එහිදී අදාල වෙළඳ සැලෙන් පළමුව නීති විරෝධී දුම්වැටි මිලදී ගෙන පසුව වෙළඳ සැලේ හිමිකරුගේ නිවස වැටලීම සඳහා ගොස් තිබෙනවා. ඒ ඔහුගේ නිවසේද නීති විරෝධී විරෝධී දුම්වැටි තොගයක් සඟවා ඇති බවට ලද තොරතුරක් මතයි.

එම අවස්ථාවේදී වෙළඳ සැලේ හිමිකරු ප්‍රදේශවාසීන් පිරිසක් සමඟ පැමිණ පොලිස් නිලධාරීන් නිවසේ කාමරයක් තුළ සිර කර පහර දීමක් සිදු කර තිබෙනවා.

එහිදී පොලිස් නිලධාරීන්ගේ හැඳුනුම්පත් ද අදාල නිවෙස් හිමියා විසින් පහර දී උදුරා ගෙන ඇති අතර පසුව බේරුවල පොලීසියේ නිලධාරීන් පැමිණ වලාන දූෂණ මර්ධන ප්‍රහාර ඒකකයේ නිලධාරීන් මුදා ගෙන තිබෙනවා.

මෙම සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර අතර අදාල වෙළඳසැලේ හිමිකරු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

No comments:

Post a Comment