Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Monday, March 26, 2018

චිත්‍රපටි ගේමක් ගසා හිරේ සිටි නැන්දම්මා බේරාගත් උපාධිධාරියා පොලීසියට කොටුවුන හැටි

මෘත ශරීරාගාරයේ තිබූ නාඳුනන මළ සිරුරකට අයිතිවාසිකම් කියමින් බොරැල්ල කනත්තේ වලදාලා.

කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ නාඳුනන මළ සිරුරක් තම ඥාතියකුගේ බව පවසමින් වෙනත් පුද්ගලයකු ලවා මරණ සහතිකයක් ලබාගෙන එය නීතිපති දෙපාර්තමේන්තුවට ලබාදී මහාධිකරණයේ පවරා තිබූ නඩුවක් ඉවත්කර ගැනීමට උත්සාහ කල පුද්ගලයෙකු බොරලැස්ගමුව ප්‍රදේශයේ නිවෙසක සැඟව සිටියදීයි අත්අඩංගුවට ගැනීමට මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය සමත් වී තිබෙනවා.වාරියපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම සැකකරු වෛද්‍යවරයකු ලෙස නම් තුනකින් පෙනී සිට ඇති අතර ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකුද වනවා.

මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලකට ළමයින් ඇතුළත් කරගන්නා ලෙස ව්‍යාජ ලිපි ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් මහනුවර වංචා විමර්ශන අංශයෙන් සැකකරුට එරෙහිව මහාධිකරණයේ නඩු පවරා තිබූ බවද පොලිසිය සඳහන් කරනවා.

මාස කිහිපයක් රිමාන්ඩ් භාරයේ සිටි සැකකරුට ඔහුගේ බිරිඳගේ මව විසින් ඇප ලබා දී තිබූ අතර ඇප ලැබීමෙන් අනතුරුව සැකකරු අධිකරණයට ඉදිරිපත් නොවී ප්‍රදේශයෙන් පලායාම නිසා ඇප තැබූ බිරිඳගේ මව රිමාන්ඩ් භාරයට පත්කර තිබුණා.

පසුව සැකකරු ඔහුගේ මිත්‍රයකු මාර්ගයෙන් කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තිබෙන නාඳුනන මළ සිරුරක් තම ඥාති සහෝදරයාගේ බව එහි බලධාරීන්ට පෙන්වා දී අවශ්‍ය කටයුතු සිදුකරගෙන මරණ සහතිකය ඔහුගේ නමට ලබාගෙන එම මළ සිරුර බොරැල්ල කනත්තේ වළදමා ඇති බවද පොලීසිය පවසනවා.

මෙම සැකකරු වකුගඩු හා දියවැඩියා වැනි රෝග කිහිපයකින් පෙළී ඇති බව පවසන පොලිසිය ප්‍රකාශ කරන අතර ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා ලෙස ඔහුම පෙනී සිටිමින් මරණ සහතිකය රැගෙන නීතිපති දෙපාර්තමේන්තුවට ගොස් භාරදී ඔහු වෙනුවෙන් ඇප වී රිමාන්ඩ් ගතව සිටින තම බිරිඳගේ මව බේරාගෙන ඇති බවද පොලීසිය ප්‍රකාශ කරනවා.

No comments:

Post a Comment