Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Friday, March 2, 2018

ගමක් හඩවමින් මංගල දිනය වර්ණවත් කල පුංචි සුරංගනාවිය අවසන් ගමන් යැවු ලිමොසින් අනතුරේ සංවේදී කථාව

ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පැවති සිය නැන්දනියගේ විවාහ විවාහ මංගල්‍යය පුංචි කෙටී ෆ්ලයින්ට විශේෂ දවසක් වුනා.

ඒ ඇය සිය සහෝදරිය සමග නැන්දනිය වූ ලිසාගේ විවාහ මංගල්‍යයේ මල් කුමරියන් ලෙස සහභාගිවීම නිසා.

ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර වෙරළ හෝටලයක් පැවති ලීසා - ඩේවිඩ් විවාහ මංගල්‍යයට පවුලේ සියලු හිතවතුන්ද එක්ව සිටියා.

එම විවාහ මංගල්‍ය එලෙස වර්ණවත් වෙද්දී ඒ සතුට සමරන්නට සැරසෙන කිසිවකු නොදැන සිටි කාරණයක් තිබුනා, ඒ තමයි මේ දිනය වර්ණවත් කරන්නට මල් කුමරියක ලෙස පැමිණි කෙටීගේ අවසන් දිනය බවයි.

ලීසා - ඩේවිඩ් විවාහ මංගල්‍යය ඇති උත්කර්ශවත් ලෙස නිමා කරමින් හනිමුන් රාත්‍රිය සදහා පිටත්ව ගිය අතර කෙටී ෆ්ලයින් පුංචි මල් කුමාරිය සිය පවුලේ උදවිය සමග ගෙදර එන්න පිටත් වුනා.

ගෙදර එන්න ලිමොසින් රථයට ගොඩවුණු අතර මල් කුමරියන් වූ කෙටී සහ ඇගේ සොහොයුරිය සමග මනාලියගේ දෙමාපියන්ද සිටියා.

සියල්ලට සමු දී නැවත නිවසට එන්න පිටත් වුනු ලිමොසින් රථය අධිවේගී මාර්ගයට පිවිසුණු අතර රථයේ රියදුරු ලිමොසින් රථයට ගොඩවුනේ ටිකක් පදම වැඩි වී කරගනයි.

නමුත් මේ ගමනට එක්වූ අය ඒ බව දැන් නොසිටි අතර රියදුරු ගමන අතරතුරද මත්පැන් පානය කරමින් සිටියා.

අධිවේගී මාර්ගයට පිවිසුනු රථයේ වේගය වැඩි වූ අතර ටික වෙලාවකට පසු වැරදි පැත්තෙන් ධාවනය වූ ලිමොසින් රථය අනෙක් පැත්තෙන් පැමිණි කැබ් රථයක ගැටී නතර වුනේ මහා විනශයක් සිදු කරමින්.

මේ අනතුරින් රථයේ රියදුරු එතනම මිය ගිය අතර, මල් කුමාරිය ලෙස විවාහ මංගල්‍යය වර්ණවත් කල කෙටී සොයාගත්තේ සුන් අතරින්, ඇයද එතනම මියගොස් සිටියා.

මේ අනතුරින් මනාලියගෙ පිය පාද දෙකම අහිමිවීමෙන් සදාකාලික අබධිතයකු වූ අතර රථයේ සිටි අනෙක් අයද බරපතල තුවාල ලැබුවා.

බීමත් රියදුරෙක් ලස්සන දවසක් එලෙසින් අවලස්සන කලේ ලීසා - ඩේවිඩ්ගේ යුග දිවියට වගේම සිය පවුලේ සාමාජිකයින්ට සදාකාලික කදුළක් ඉතිරි කරමින්.

No comments:

Post a Comment