Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Thursday, March 1, 2018

කාන්තාවන් වෙනුවෙන් හැදූ පළමු රොබෝ සහකරුට කරන්න පුළුවන් අමුතු දේවල් මෙන්න..!

තමන් කැමතිම විදියේ සහකරුවෙකු සොයා ගැනීමට සමහර විටක කාන්තාවකට අපහසු වෙන්න පුළුවන්. ඉතිං මේ ගැන විමර්ෂණය කරපු එංගලන්තයේ රියල්බොටික්ස් සමාගම මේ ප්‍රශ්නයට අපූරු විසඳුමක් දීලා තියෙනවා.

ඒ අනුව කාන්තාවකට සැබෑ සහකරුවෙකු ලෙස අදහස් හුවමාරු කරගත හැකි අපූරු මිනිස් රෝබෝවෙකු නිෂ්පාදනය කරලා තියෙනවා.කාන්තාවන් ඉලක්ක කර ගනිමින් නිර්මාණය කල ලොව පළමු රොබෝ සහකරු ලෙස පසුගියදා එළි දැක්වුනු මෙම රොබෝ පවුම් 8000 සිට 11000 දක්වා (රුපියල් ලක්ෂ 18-25) අතර මුදලකට මිලදී ගැනීමේ හැකියාව ලැබෙනවා.

සික්ස් පැක් ශරීරයක් සහිත අඩි 06 ක උසකින් යුතු මෙම රෝබෝට හෙන්රි යනුවෙන් නම් ලබා දී ඇති අතර බොහෝ දෙනා මෙයට ‘‘සෙක්ස් ඩෝල්‘‘ යන නමද භාවිතා කරන බව සඳහන්. කෙසේ වෙතත් රියල්බොටික්ස් සමාගමේ ප්‍රධාන නිළධාරීවරයා පවසන්නේ හෙන්රි රෝබෝවෙකු නොව යහළුවෙකු බවයි.

හෙන්රිට තම හිමිකාරියගේ ඕනෑ එපාකම් වලට අනුව හැඩගැසිය හැකි අතර අවශ්‍යනම් ඇය කැමති රූපවාහිනී වැඩසටහන්, චිත්‍රපට පිළිබඳ උවද කතාබහ කිරීමටද හැකියාව තිබෙනවා. එසේම ආදරණීය වචන යොදා ගනිමින් විහිළු තහළු කිරීමටද හෙන්රිට හැකියාව තිබෙනවා.

කිලෝ 38 ක බරකින් යුුතු හෙන්රි ශරීරයේ හැඩය ඇතුළු ඕනෑම කොටසක් අවශ්‍ය කරන කාන්තාවගේ කැමැත්ත පරිදි වෙනස් කර ඇනවුම් කිරීමටද අවස්ථාව උදාකර දී තිබෙනවා.

No comments:

Post a Comment