Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Saturday, March 17, 2018

ෆේස්බුක් තහනම ගැන මම දැනගෙන හිටියෙ නෑ..! මමත් සමාජ ජාලා වලට ඇබ්බැහි වෙච්ච මිනිහෙක්. ඩිජිටල් ඇමති කියයි..!

පසුගිය දින කිහිපය පුරාවටම පනවා තිබූ ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා තහනම පිළිබඳව තමන් කලින් දැන නොසිටි බව ඩිජිටල් පහසුකම් පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. එසේම මෙම සමාජ මාධ්‍ය වාරණය ආණ්ඩු විරෝධය පාලනය සඳහා නොවන බවද ප්‍රකාශ කරන ඔහු කියා සිටියේ එය ආණ්ඩු විරෝධය පාලනයට හේතුවේනම් තමන් මෙම ඇමති කමින් ඉල්ලා අස්වන බවයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කර තිබුණා.

''මෙය ආණ්ඩු විරෝදී දෙයක් බව කවුරුන් හෝ කියනවානම් ඒක වැරදියි. සමහර අය හිතාගෙන ඉන්නෙ මේක විදුලි සංදේශ අමාත්‍යවරයාගේ ගේමක් කියලයි. මෙය තහනම් කරනකන් මම දැනගෙන හිටියෙත් නැහැ.එය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ තීරණයක්.මගේ නම තිබුනට කොමිසම මගේ නෙමෙයි.මටත් කනස්සල්ලක් තියෙන්න පුළුවන්. මමත් සමාජ ජාලා වලට ඇබ්බැහි වෙච්ච මිනිහෙක්. ලක්ෂ දෙකකට වැඩිය ෆේස්බුක් සාමාජිකයො ඉන්නවා. රූපවාහිනියට කතා නොකර මගේ කතා ෆේස්බුක් එක හරහා ප්‍රකාශ කරන අවස්තා තියෙනවා.සමහර විට රූපවාහිනය මගේ කතාව ගන්නෙත් ෆේස්බුක් එකෙන්. මම කවදාවත් ෆේස්බුක් එකට අකුල් හෙලන්නෙ නෑ. ඒත් මම විශ්වාස කරනවා හරි දේ හරි වෙලාවට සිදුවිය යුතු බව.ෆේස්බුක් හරහා රට ගිණි ගත්තොත් වැරදි කාරයෙක් වෙන්න මට බෑ. පැය 72 ක් තහනම් කල වොවෙ ජනතාව ආණ්ඩුවත් එක්ක හිටියා.''

No comments:

Post a Comment