Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Sunday, March 25, 2018

"මහත්වරුන්ගේ ක්‍රීඩාවට කැළලක්" ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයො වැලි කඩදාසියකින් පන්දුව පලුදු කරලා , ඩේල් ස්ටේන්ගෙන් කනේ පහරක් , විඩීයෝව මෙන්න .!

මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙස හැදින්වෙන ක්‍රිකට් ක්‍රීඩාවට කැළලක් ඇති කරමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිදු කළ ක්‍රියාවක් දැඩි ආන්දෝලනයට තුඩු දී තිබෙනවා. ඒ ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රීකාව අතර දකුණු අප්‍රිකාව අතර දෙවෙනි ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලීයානු ක්‍රීඩකයන් විසින් වැලි කඩදාසියක් උපයෝගී කර ගනිමින් සූක්ෂමව පන්දුව පලුදු කරන අයුරු පටිගත වී තිබීම හේතුවෙන්,

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට් විසින් සූක්ෂමව පන්දුව සිය දෑතට ගෙන පිරිමදින මුවාවෙන් සිය සාක්කුවේ තිබෙනා වැලි කඩදාසියකින් පන්දුව ඔප දමනවා, ඉන්පසුව එම වැලි කඩදාසිය සිය යට කලිසමෙහි සගවා ගැනීමට තරම් ඔහු සූක්ෂම වනවා.

කැමරන් බැන්ක්‍රොෆ්ට් විසින් මෙලෙසින් පන්දුව පලුදු කිරීමට පෙර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරු ග්‍රැහැම් ලෙහෙමන් විසින් වෝකී ටෝකි යන්ත්‍රයක් උපයෝගී කරගනිමින් කණ්ඩායමට යම් පණිවිඩයක් ලබා දෙන අයුරුද පැහැදිලිව දැක ගත හැකියි,

සිදුවීම පිළිබදව මාධ්‍යයට අදහස් දක්වන ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත් පවසා සිටියේ සිදුවීම පිළිබදව කණ්ඩායමේ නායකත්ව මණ්ඩලය දැන සිටි බවයි, තවත් මෙවැනි සිදුවීමක් සිදු නොවීමටද ස්ටීව් ස්ම්ත් පොරොන්දු වූවා,

එහෙත් මේ පිළිබදව අදහස් දක්වන විචාරකයන් පවසා සිටින්නේ මෙය සිදුවූයේ ප්‍රථම වතාවට නොවන බවත් , මෙය කාලයක් තිස්සේම ඕස්ට්‍රේලියානු කණ්ඩායම විසින් සිදු කර තිබෙන වංචාවක් බව ඔවුන්ගේ හැසිරීමෙන් පැහැදිලි වන බවයි. කෙසේ වෙතත් සිදුවීම පිළිබදව ICCය තවමත් මුනිවත රකින අතර මෙතරම් විශාල වරදක් කළද ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට සුදුසු දඬුවමක් හිමි නොවනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ශ්‍රී ලංකා නායක දිනෙෂ් චන්දිමාල්ට විනාඩි දෙකක් පන්දු යෑවීම අවසන් කිරීම ප්‍රමාද වූ විට දඬුවම් ලකුණු 2ක් ලබා දී , තරග දෙකක් තහනම් කළ අතර , ඕස්ට්‍රේලියානු නායකයාට මෙතරම් විශාල වරදකදීත් හිමිවන දඬුවම පිළිබදව ලොවම බලා සිටිනවා,

එම අවස්තාවේ විඩීයෝව පහතින් ,


සිදුවීම පිළිබදව දකුණු අප්‍රීකා වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබු අතර එම සටහන පහතින් ,


No comments:

Post a Comment