Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Thursday, March 29, 2018

ජාතියේ සෞඛ්‍යය සංරක්ෂණයට දායක වූ වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි..!

ශ්‍රී ලංකාවේ මුල් පෙළේ විශේෂඥ ප්‍රජා වෛද්‍යවරයෙකු වූ වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කීර්තිමත් ලේඛකයෙකු මෙන්ම නිදහස් චින්තකයෙකු ලෙසද ප්‍රසිද්ධියට පත්ව සිටි ඔහු මිය යනවිට 65 වන වියේ පසුවූ අතර ඔහු කලක් තිස්සේ රෝගාතුරවද සිටියා.

සිය වෛද්‍ය වෘත්තියට අමතරව මුද්‍රිත සහ විද්යුත් මාධ්‍ය මගින් ජාතියේ සෞඛ්‍ය සංරක්ෂණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ මෙහෙවරක යෙදුණු ඔහු පසුගිය කාලයේ සමාජ ජාලා හරහා කතාබහට ලක්වූ සිද්ධීන් රැසකදී විවිධ මාධ්‍යන් හරහා ජනතාව දැනුවත් කරන්නට කටයුතු කලා

ඔහුගේ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි.

No comments:

Post a Comment