Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Tuesday, March 13, 2018

අනියම් පෙමක් නිසා 25 හැවිරිදි තරුණයා පිහියෙන් ඇන ඝාතනය කරයි

මෝදර මෙත්සඳ සෙවණ මහල් නිවාසය ඉදිරිපිට මාර්ගයේ දී පුද්ගලයෙකුට පිහියකින් ඇණ බරපතළ තුවාල සිදුවීමෙන් මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

ඊයේ(12) රාත‍්‍රී 8.30 ට පමණ මෙම ඝාතනය සිදුව ඇති අතර තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවට ලද තොරතුරක් මත පොලීසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 25 ක් වු කොටහේන ප‍්‍රදේශයේ පදිංචි සඳුන් ප‍්‍රසාද් යන තරුණයෙකු බවත්, මේ වන විට ඔහුගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති බවත් පොලීසිය පවසයි.

පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත් වීමට නියමිතයි.

අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති අතර ඝාතනය සිදුකල සැකකරු මේ වන විට හඳුනාගෙන ඇත.

ඔහු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔහු සොයා මෝදර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ඇත.

No comments:

Post a Comment