Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Thursday, February 1, 2018

"වෙන්නප්පුවේ සුපිරි නිවසක නෝනා රහසිගත ජාවාරමක" ගෙදර ඉදලම වැඩේ දීලා .!

සුඛෝපභෝගී නිවසක කිසිවෙකුටත් සැක නොසිතන අයුරින් කාන්තාවක් විසින් පවත්වාගෙන ගිය මහා පරිමාන කසිප්පු ස්කාගාරයක් පිළිබදව වාර්තා වෙනවා. ඒ වෙන්නප්පුව ප්‍රදේශයෙන්,

වෙන්නප්පුව නගරාසන්නයේ සුපිරි නිවසක සිදුවන ඇතැම් සිදුවීම් සැකසහිත බව කලකපටන් පොලීසියට වාර්තා වී තිබුණි. කාන්තාවක් පදිංචිව සිටිනා මෙම නිවසට එන යනවා යැයි තොරතුරු ලැබුණු පිරිස් නිසා පොලීසියට එම සැකය හටගෙන තිබුණි.
පසුව සිය උපාය දූතයන් යොදවා පොලීසිය මෙම ස්ථානය පිළිබදව සොයා බැලූ විට අනාවරණය වී තිබුනේ මේ සුපිරි නිවසේ පදිංචි කන්තාව විසින් සිය නිවසේ සිටම කසිප්පු නිෂ්පාදන ස්කාගාරයක් පවත්වා ගෙන යන බවටයි.

ඉන්පසුව මෙම ස්ථානය වැටලීමට තීරණය කළ වෙන්නප්පුව පොලිස් ස්ථානයේ නිළධාරීන් පසුගිය 30 වැනිදා රාත්‍රීයේ ක්‍රියාත්මක විය. මෙම නිවසට කඩා වැදී පරීක්ෂා කළ පොලිස් නිළධාරීන්ට නිෂ්පාදනය කරන ලද කසිප්පු බෝතල් සියයක්‌ ගෝඩා අඩංගු බැරල් 07 ක්‌, ගෑස්‌ සිලින්ඩර් 02 ක්‌, දඟර 01 ක්‌ ඇතුළු උපකරණ රැසක්‌ හමුව තිබුණි.

නිවසේ කාමරයක ඉතා සූක්‍ෂ්ම ලෙස පවත්වාගෙන ගිය මෙම ස්‌කාගාරයේ ගෝඩා දැමීම සඳහා විශාල ප්‍රමාණයේ ටැංකියක්‌ සාදා ඉන් නිකුත් වන කසිප්පු නළයක්‌ ආධාරයෙන් මුළුතැන්ගෙයි රහසිගත ස්‌ථානයකට ඒමට සකස්‌ කර තිබුණි. මෙම ස්කාගාරය පවත්වාගෙන ගිය කාන්තාවද පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර අත්අඩංගුවට පත් සැකකාර කාන්තාව කුලියාපිටිය පූගල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකි. මෙම නිවස මීට මාස කීපයකට පෙර මසකට රුපියල් දහ අට දහසක මුදලකට කුලී පදනම මත ලබාගෙන තිබේ.

No comments:

Post a Comment