Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Tuesday, February 20, 2018

"ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ජනපති මෛත්‍රී ශ්‍රේෂ්ඨාධීකරණයට" රජයේ අර්බුධය උග්‍ර අතට ?

වත්මන් දේශපාලන අර්බුධ මැද්දේ පළාත් පාලන මැතිවරණයෙන් පසු මුල්ම වරට ඊයේ (19) පාර්ලීමේන්තුව රැස් වුණා. පාර්ලීමෙන්තු හමුව දැඩි උණුසුම් ස්වභාවයක් ගනු ඇතැයි බොහො දේශපාලන විචාරකයන්ද මත පළ කර තිබුනා.

මේ අතර වත්මන් ජාතික රජයේ ප්‍රධාන පාර්ශවකරුවෙක් වන ශ්‍රිලනිපය ජාතික රජය පිළිබදව සිය මතය ප්‍රකාශ කළා.

ජාතික ආණ්‌ඩුවක්‌ අවසන් කළ හැක්‌කේ කෙසේ දැයි පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලැබෙන තෙක්‌ රට ස්‌ථාවරව පවත්වා ගෙන යැම සඳහා යහපාලන ආණ්‌ඩුවේ රැඳී සිටින ලෙස ජනාධිපතිවරයා ආණ්‌ඩුවේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රී කණ්‌ඩායමෙන් ඉල්ලා සිටි බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ අනුව ජනාධිපතිවරයාගේ ඉල්ලීම අනුව කටයුතු කිරීමට ආණ්‌ඩුවේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රී කණ්‌ඩායම තීරණය කළ බව ද තිලංග සුමතිපාල පැවසුවේය.

ආණ්‌ඩුවේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රී කණ්‌ඩායම ඊයේ උදැසන ජනාධිපතිවරයා හමුවූ බව කී නියෝජ්‍ය කථානායකවරයා ජාතික ආණ්‌ඩුවක්‌ අවසන් කළ හැක්‌කේ කෙසේ ද යන්න පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇතැයි ජනාධිපතිවරයා කී බව ද පැවසුවේය. එම මතය ලැබෙන තෙක්‌ ඉවසා සිටින ලෙස ජනාධිපතිවරයා ඉල්ලා සිටි බව ද සුමතිපාල කීවේය.

මෙහිදි අදහස් දැක්වූ නියෝජ්‍ය කථානායකවරයා පැවසූවේ ,

''එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ආණ්‌ඩු පාර්ශ්වය නියෝජනය කරන කණ්‌ඩායමේ ස්‌ථාවරය ලෙස 18 දා රාත්‍රියේ නිකුත් කළ නිවේදනයක්‌ සම්බන්ධයෙන් මාධ්‍ය මාගෙන් විමසුවා. ඒ ගැන මා කළ ප්‍රකාශ සත්‍යයක්‌. ජාතික රජයේ හවුල්කාර පක්‌ෂයක්‌ ලෙස කටයුතු කරන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ජනාධිපතිතුමාගෙන් විමසුවා අපට ජාතික ආණ්‌ඩුවෙන් ඉවත් වෙන්න පුළුවන්ද කියලා.

ඒ ස්‌ථාවරය මත ජනාධිපතිතුමා අපට කියා සිටියේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මෙම කණ්‌ඩායම එක්‌ව 2015 සැප්තැම්බර් මස 3 වැනි දින ප්‍රකාශ කළ ජාතික රජය තවදුරටත් පවත්වාගෙන යන්නේ නැති නම් එතැනදී කළ යුත්තේ කුමක්‌ ද කියා නීතිපතිවරයාගේ මතය විමසිය යුතු බවයි. මොකද එකවර ඉවත් වුවහොත් රටේ අස්‌ථාවරත්වයට එය හේතුවක්‌ විය හැකි බව එතුමා අපට කිව්වා.

නීතිපති උපදෙස්‌ විමසූ විට නීතිපතිවරයා කියා සිටියේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ප්‍රකාරව ඒ ගැන පැහැදිලි කිරීමක්‌ කරන්න අපහසු බැවින් ජාතික රජය අවසන් කිරීම සඳහා කළ යුත්තේ කුමක්‌ද යන්න ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙසයි. ජනාධිපතිවරයාට ඇති ඒ බලය ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසුවා. එය තමයි 18 දා රාත්‍රියේ පැවති තත්ත්වය.

පසුව ඊයේ (19 දා) දහවල් ජනාධිපතිතුමා රජයේ සිටින එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ අපේ කණ්‌ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැඳවූවා. කැඳවා කිව්වා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය එනතුරු රට ස්‌ථාවරව පවත්වාගෙන යැම සඳහා තවදුරටත් ආණ්‌ඩුව පවත්වාගෙන යැමට සහාය දෙන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව එනතුරු කල් දෙන ලෙසත් ඉල්ලුවා. අද පාර්ලිමේන්තුවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය නියෝජනය කරන ආණ්‌ඩු පාර්ශ්වයේ මන්ත්‍රීවරු සභාවේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එන තෙක්‌ එක කණ්‌ඩායමක්‌ ලෙස ඉදිරියට යන්න කියලා උපදෙස්‌ ලැබුණා. මේ මොහොතේ එජනිස මන්ත්‍රීවරුන් ආණ්‌ඩුව පැත්තේ නැත්තේ ඒ නිසයි'' යනුවෙනි.

No comments:

Post a Comment