Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Saturday, February 17, 2018

ඝාතනය වූ දවසේ තාජූඩීන්ට ආ මිස් කෝල් එක කාගෙන්ද..? මින් පෙර වාර්තාවල නොතිබුණු දෙයක් හෙලිවෙයි..!

රගර් කී‍්‍රඩක මොහොමඩ් වසීම් තාජුඞීන් ඝාතනය වූ දින ඔහුගේ ජංගම දුරකතනයට මගහැරුණු ඇමතුමක් ලැබී තිබෙනවා.ඒ අනුව අදාල ඇමතුම සම්බන්ධයෙන් දුරකතන විස්තර වාර්තාවක් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චාන්දනී ඩයස් අදාල දුරකතන සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී වෙත නියෝග කර තිබෙනවා.

077 3554441 යන දුරකතන අංකය මගින් 2012 මැයි මස 17 වැනිදා රාතී‍්‍ර 12.32 ට වසීම් තාජුඞීන්ගේ දුරකතනයට මගහැරුණු ඇමතුමක් ලැබී ඇති අතර මින් පෙර අදාළ සමාගමෙන් ලද වාර්තාවල ඒ පිළිබඳව ඇතුලත් වී නොතිබීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් මෙම ඇමතුමට සම්බන්ධව කාර්මික උපකරණ හා කුලූණු පිළිබඳ සටහන් සහිත වාර්තාවක් ලබා දෙන ලෙසට අදාළ සමාගමට නියෝගයක් නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු සැලකිල්ලට ගනිමින් 1979 ආක 15 දරණ අපරාද නඩු විධාන සංග‍්‍රහ පනතේ 134 වගන්තිය ප‍්‍රකාරව අදාල දුරකතන සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ වෙත මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

No comments:

Post a Comment