Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Monday, February 26, 2018

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට අවමන් , තෙවන පෙළ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ තරගාවලියට .!

මාර්තු මස මෙරටදී පැවැත්වීමට නියමිත නිදහස්‌ කුසලාන තුන්කොන් විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගාවලියට සහභාගී වන ඉන්දීය පිලේ නිත්‍ය නායක විරාට්‌ කෝලි, එම්.එස්‌. දෝනී ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙක්‌ම විවේක ගැන්වීමට එරට ක්‍රිකට්‌ බලධාරීහු තීරණය කර තිබේ.

විස්සයි-20 තරගාවලියක් වන නිදහස් කුසලාන තරගාවලිය මාර්තු මස 6 වැනිදා සිට 18 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සමරුව වෙනුවෙන් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තුන්කොන් තරගාවලියකි. ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුනේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමග තරග කිරීමට ඉන්දීය ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් අනවශ්‍ය බවට එරට බලධාරීන් කියා තිබෙන බවයි.

විරාට් කෝලි, මහේන්ද්‍ර සිං දෝනි, හර්දික් පාණ්ඩ්‍යා, කුල්දීප් යාදව්, බුවනේෂ්වර් කුමාර් සහ ජස්ප්‍රීට් බුම්රා විවේක ගැන්වූ ක්‍රීඩකයෝ වෙති. කඩුලු රකින්නා වූ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනිගේ ස්ථානය දිල්ලි පිලේ රිෂාබ් පන්ට්ට හිමිවී ඇතත් කණ්ඩායමේ සිටින දිනේෂ් කාර්තික්ටද කඩුලු රැකීමේ හැකියාව තිබේ.

නවකයන් පස්දෙනක් සිටින නමුත් සුරේෂ් රයිනා, ෂිකාර් ධවාන්, ලෝකේෂ් රාහුල් මෙන්ම දිනේෂ් කාර්තික් යන පළපුරුදු ක්‍රීඩකයෝද ඉන්දීය පිලට ඇතුළත්ව සිටිති.

නිදහස් කුසලාන තරගාවලිය සඳහා ඉන්දීය සංචිතය

රෝහිත් ෂර්මා (නායක), ෂිකාර් ධවාන් (උප නායක), ලෝකේෂ් රාහුල්, සුරේෂ් රයිනා, මනීෂ් පාණ්ඬේ, දිනේෂ් කාර්තික්, දීපාක් හූඩා, වොෂින්ග්ටන් සුන්දර්, යුෂ්වේන්ද්‍ර චාහල්, අක්ෂර් පතෙල්, විජේ ශන්කර්, ෂර්දුල් ඨාකූර්, ජයදේව් උන්ක්ඩාත්, මොහොමඞ් සිරාජ් සහ රිෂාබ් පන්ට්

No comments:

Post a Comment