Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Friday, February 2, 2018

පැය හයක් කැලෑවේ හැංගිලා ඉදලා" හරක් හොරු අල්ලන්න සුපිරි ගේමක් ගැසු ගම්පහ පොලිස් කණ්ඩායමේ මෙහෙයුම



නිතීවිරෝධි ලෙස සිදු කරන ගව මස් ජාවාරම සමාජයට විශාල ගැටලුවක් වී තිබේ. විශේෂයෙන්ම රාත්‍රීයේ ක්‍රියාත්මක වන ගව මස් ජාවාරම්කරුවන් , ගම්මානවලට කඩා වැදි ගවයන් පැහැරගෙන යාම කිරි ගොවීන්ට මෙන්ම කෘෂිකර්මාන්තයටම අයහපත් ලෙස බලපා තිබේ.

නිතීය රකින නිළධාරීන් කෙතරම් උත්සාහ ගත්තද මෙම ගව මස් ජාවරම්කරුවන් නැවතීමට ඔවුන්ටද නොහැකි බව කිරි ගොවින්ගේ පාර්ශවයෙන් එල්ල වූ චෝදනාවකි. කෙසේ වෙතත් මහා මෙහෙයුමකින් පසු ගව මස් ජාවාරම්කරුවන් පිරිසක් මිතීයේ රැහැනට කොටුකරගත් නිර්භීත පොලිස් ස්ථානාධිපතිවරයෙක් ඇතුලු නිළධාරීන් පිරිසක් පිළිබදව වාර්තා වෙනවා. ඒ වෙලම්බොඩ ප්‍රදේශයෙන්.

ගම්පහ ගලහ ප්‍රදේශයේ සිට උඩුනුවර වෙලම්බොඩ දක්‌වා ප්‍රදේශයේ ජනතාවට මහත් වූයේ එම ප්‍රදේශයන්හි රාත්‍රීයේ ක්‍රියාත්මක ගව හොරකමයි. ප්‍රදේශවාසීන් තමන්ට සිදුවන අසාධාරණය පිළිබදව නිරතුරුවම වෙල්ම්බොඩ පොලිසීයට ගොස් පොලිස් නිලදරුවන් දැනුවත් කරද්දි , මෙම ගව මස් ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිළධාරීන් සිය උපරිම උත්සාහයන් යෙදුවේය.

මේ අනුව ක්‍රියාත්මක වූ වෙලම්බොඩ පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා පසුගිය දිනක හවස් යාමයේ සිට ගවමස් ජාවාරම්කරුවන්ගේ ලොරි රථ ගමන් කරන මාර්ගයේ කැලයට වී සැගව සිට ඇත. ගව මස් මිල ඉහළ යැමත් සමඟ ඔත්තුකරුවන් යොදා ගනිමින් මෙවැනි ජාවාරම් සිදුකරන නිසා එම සැකකරුවන් අල්ලා ගැනීම අසීරු වී තිබීම නිසා වෙලම්බොඩ පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක අරුණ ශාන්ත බණ්‌ඩාර සමග පොලිස්‌ කොස්‌තාපල් නුවන් ප්‍රියන්ත මෙම ලොරි රථ ගමන් කරන මාර්ගයේ කැළය තුළ සවස්‌ වරුවේ සිට සැගව බ්සිට තිබේ.

ඉන්පසු රාත්‍රි 10 පමණ මෙම ස්‌ථානයෙන් යැමට පැමිණි ගව මස් ජාවාරම්කරුවන් පිරිසක් රැගත් ලොරි රථය අල්ලා ගැනීමට පොලිස් නිළධාරීන්ට හැකි වී තිබේ. වෙලම්බොඩ වටදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් ගම්පොල, මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය ප්‍රකාශ කරනවා.

No comments:

Post a Comment