Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Thursday, February 8, 2018

බාහිර කැපුමක් නැතුව කළ ලංකාවේ ප්‍රථම සැත්කම


බාහිරි කැපුමකින් තොරව මුඛය භාවිතා කරමින් තයිරොයිඩ් ග්‍රන්ථය ඉවත් කිරීමේ සැත්කමක් සාර්ථකව නිම කිරීමට කුලියාපිටිය මුලික රෝහලේ වෛද්‍ය කණඩායමක් සමත් වී තිබේ.

මෙවැනි ආකාරයෙන් සැත්කමක් සිදුකල ප්‍රථම අවස්ථාව මෙය බව මේ සැත්කම සිදුකළ කණ්ඩායමේ නායක වීශේෂඥ වෛද්‍ය රිස්වි සකාෆ් මහතා පැවසිය.

අද(08) පෙරවරු 09.30 ට පමණ මේ සැත්කම ආරම්භ වූ අතර දහවල් 12.30 ට පමණ අවසන් කැරිණි.

කුලියපිටිය උඩුබද්දාව නැවකඩ ප්‍රදේශයේ පදිංචි ව්බ්ලිව්.ඒ.රන්ජනී ශ්‍රියාලතා (60 ) මහත්මිය මේ සැත්කම සඳහා භාජනය වූ අතර සැත්කම් ඉතා සාර්ථකව නිම කළ බව කුලියාපිටිය මුලික රෝහලේ උගුර,කන,නාසය පිළිබඳ වීශේෂඥ වෛද්‍ය රිස්වි සකාෆ් මහතා පැවසිය.

මේ සැත්කමේ ඇති සුවිශේෂත්වය වනුයේ කිසිම කැපුමකින් තොරව මේ සැත්කම සිදු කිරීම් හේතුවෙන් කිසිදු කැළලක් ශරීරයට සිදු නොවීමයි.

මිට අමතරව අඩු අවධානමකින් මේ සැත්කම සිදු කිරීම හා රෝගියා ඉක්මනින් ප්‍රකර්ති තත්ත්වයට පත් වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ මෙවැනි සැත්කම් සිදු නොකිරීමට ප්‍රධාන හේතුව අවශ්‍ය උපකරණ හිඟය වීම බව වාර්තාවෙයි.

එහෙත් ඉදිරියේදී මෙවැනි සැත්කම් සිදුකිරීම ජනප්‍රිය විය හැකි බව කුලියාපිටිය මුලික රෝහලේ උගුර ,කන ,නාසය පිළිබද වීශේෂඥ වෛද්‍ය රිස්වි සකාෆ් මහතා පැවසිය.

පස්වරු 4 පමණ වන විට රෝගියා ගේ තත්ත්වය ඉතා යහපත් බවද වීශේෂඥ වෛද්‍ය රිස්වි සකාෆ් මහතා කියා සිටියේය.

No comments:

Post a Comment