Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Wednesday, February 7, 2018

නිදහස් දිනය දා ලන්ඩනයේදී පාට් දාන්න ආපූ කොටින්ට හමුදාවේ ලොක්කෙක් කළ වැඩක් ලෝකෙ වටේ පත්තුවෙයි

සිංහ කොඩිය පෙන්වා ගෙල කපන අභිනය පෙන්වලා

පසුගිය 4වනදා ලන්ඩනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ 70 වැනි නිදහස් සමරු උත්සවය පැවැත්වෙන අවස්ථාවේ වූ සිදුවීමක් පිළිබඳ මේ වන විට බොහෝ දෙනා අතර කතාබහට ලක්වෙමින් තිබෙනවා.

මෙම නිදහස් සැමරුම පැවැත්වෙන අවස්ථාවේ එල්ටීටීඊ හිතවාදි කණ්ඩායමක් තනාපති කාර්යාලය අසළ උද්ඝොෂණයක නිරත වෙමින් සිට තිබෙනවා.

ඒ මොහොතේ කාර්යාලයෙන් පිටතට පැමිණි ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉහළ නිළධාරියෙකු උද්ඝෝෂණකරුවන්ට සිය නිළ ඇඳුමේ ඇති සිංහ කොඩිය පෙන්වා, ගෙල හරහා කිහප වතාවක් ඇඟිල්ල යවා යම් සංඥාවක් කරනු දැකගන්නට ලැබුණා.

මෙම සිදුවීම කෙරෙහි මේ වන විට දැඩි අවධානය යොමුව තිබෙන අතර සිද්ධියට සම්බන්ධ වී ඇත්තේ බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු නැමති නිළධාරිවරයෙකු බව සඳහන් වනවා.

කෙසේ වෙතත් අදාළ නිළධාරිවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් එරට සර්වපාක්ෂික මන්ත්‍රී කණ්ඩායමක් පැමිණිළි කොට ඇති අතර ඔහු එරටින් පිටුවහල් කරන ලෙස එරට විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙන බව වාර්තාවනවා. මෙය දෙමළ ජනතාව බියගැන්වීමට ගත් උත්සාහයක් බව ඔවුන්ගේ චෝදනාව වී ඇත.

වීඩියෝ සහ ඡායාරූප පහතින්..

No comments:

Post a Comment