Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Thursday, February 1, 2018

‘කුරුළු කූඩුව බිඳී ගියේ අනියම් පෙමක් නිසා‘ - සුපිරි ක්‍රීඩකයාගේ විවාහය දෙදරා යාමට හේතුව හෙළිවෙයි

මෙරටින් බිහිවූ අග්‍රගණ්‍ය ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ විවාහය දෙදරා යාම සම්බන්ධයෙන් පසුගිය සමයේ මාධ්‍ය තුළින් විවිධ කතා පුවත් පැතිර ගියා.

වසර කිහිපයකට පෙර ක්‍රිකට් පිටියට සමුදුන් අදාළ ක්‍රීඩකයා පිතිකරුවෙකු ලෙස මෙන්ම ලංකාවෙන් බිහිවූ සාර්ථකම නායකයෙකු ලෙසද නමක් දිනාගෙන සිටිනවා.

වසර ගණනාවක් සාර්ථක යුග දිවියක් ගත කළ එම යුවළගේ විවාහය බිඳී ගොස් ඇති බව වාර්තා පළවුණද එයට හේතුවක් සඳහන් වූයේ නෑ.

කෙසේ වෙතත් අදාළ යුවළ මීට මාස 7කට පෙර දික්කසාදය ලබාගෙන තිබෙනවා. බිරිඳ වසර ගණනාවක් පවත්වාගෙන ගිය අනියම් පෙම් සම්බන්ඳතාවයක් මෙම ක්‍රීඩකයාට හසුවීම නිසා ඔහු මෙසේ ඇගෙන් දික්කසාද වී ඇති බව වාර්තා වනවා.

එම විවාහයෙන් ඔවුන්ට සිටින එකම දියණියගේ අයිතිය බිරිඳට හිමිව ඇති බවත් නෙත් ගොසිප් වෙත තවදුරටත් වාර්තාවනවා.

No comments:

Post a Comment