Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Friday, February 16, 2018

අළුත්කඩේ වෙඩි තැබීමෙන් දෙදෙනෙකු මරුට

කොළඹ අළුත්කඩේ උසාවි සංකීර්ණය අභියසදී අද (16) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් බරපතල ලෙස තුවාල ලැබු පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වූ බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබු පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුලත් කරනු ලැබු අතර එහිදී ඔහු මරණයට පත්වුණා.

වෙඩි තැබීමට පැමිණි සැකකරු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට භාරදී තිබු අතර ඔහු ඇතුලත් කෙරුනේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයටයි.

එහිදී ඔහුද මරණයට පත්වු බවයි කෙසෙල්වත්ත පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ.

No comments:

Post a Comment