Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Wednesday, February 21, 2018

19 දෙනෙකුට තුවාල සිදු කරමින් දියතලාවේදි පිපිරුණු බස් රථයේ ඇත්ත කතාව මෙන්න .!

යුධ හමුදා සහ නාවික හමුදා රණවිරුවන් පිරිසක්ද ගමන් ගත් බස් රථයක අද උදෑසන සිදුවූ පිපිරීමක් පිළිබදව කතා බහට ලක්ව තිබෙනවා. බණ්ඩාරවෙල - දියතලාව මාර්ගයේ කහගොල්ල ප්‍රදේශයේදී අද (21) අලුයම 5.15 ට පමණ පෞද්ගලික බස් රථයක මෙම පිපිරීම හට ගෙන තිබුණා.

මෙම පිපිරීමෙන් බස් රථයට දැඩි ලෙස අලාභහානී සිදුව ගිණිගෙන තිබෙන අතර තුවාල ලැබු බස් රථයේ ගමන් ගත් 19 දෙනෙක් රෝහල් ගත කර තිබෙනවා. යාපනයේ සිට අලුයම බණ්ඩාරවෙලට පැමිණ ඇති පුද්ගලික මගී ප්‍රවාහන බස්රථය එහි පැමිණි මගීන් පිරිසක් බණ්ඩාරවෙලදී දියතලාව කරා ධාවනය වන ඔවුන්ගේම වෙනත් බස් රථයකට මාරු කර ඇති අතර මෙසේ ගිනි ගැනීම සිදුව ඇත්තේ එම බස් රථයයි.

මෙම බස් රථයේ යාපනයේ සිට පැමිණි මගින් අතර යුධ හමුදා සහ නාවික හමුදා සෙබලුන් ද සිට ඇති බවත් ඔවුන්ගෙන් කෙනෙක් සතුව තිබු අත් බෝම්බයක් මෙසේ පිපිරී යන්නට ඇති බවටයි පිපිරීම පිළිබදව මේ වන විට සැක කරන්නේ.

No comments:

Post a Comment