Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Thursday, February 1, 2018

හෝටල් කාමරයේදී ගත්ත පිංතූර පෙන්වනවා කියා තරුණියගෙන් කප්පම් ගත් තරුණයාට නොසිතූ ඉරණමක්

තරුණියක්‌ බිය ගන්වා කිහිප අවස්‌ථාවකදී ඇගෙන් මුදල් ලබාගෙන ඇති බව කියන 26 හැවිරිදි තරුණයකු අකුරැස්‌ස පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් දෙදෙනා වසර කීපයක සිට ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වා ඇති අතර, එකල තරුණයා විසින් ඇය හෝටලයකට කැඳවාගෙන ගිය අවස්ථාවක නිරුවත් ඡායාරූප ලබාගෙන තිබෙනවා. පසුව මෙම තරුණයාගේ නොමනා හැසිරීම හේතුවෙන් තරුණිය විසින් සම්බන්ධය නතර කර ඇත.

පසුව සැකකරු විසින් ඇයට තර්ජනය කරමින් අසභ්‍ය දර්ශන පිට අයට පෙන්වන බවටත් එම ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට පවසා බිය ගන්වා ඇගෙන් රුපියල් 15000 ක්‌ ලබාගෙන තිබෙනවා. කිහිප අවස්‌ථාවකදී මෙසේ බියගන්වා මුදල් ලබාගත් බවට ඇය පොලිසියට කළ පැමිනිල්ලලේ සඳහන් කොට තිබෙනවා. ඔහු මේ ලෙස දිගින් දිගටම තර්ජනය කර ඇත්තේ අදාල තරුණිය ලජ්ජාව හේතුවෙන් පොලිසිය වෙත නොගොස් දිගින් දිගටම තමාට මුදල් දෙනු ඇතැයි අපේක්ෂාවෙනි. එහෙත් කරදරය වැඩිවත්ම තරුනිය මේ බව පොලිසියට පැමිණිලි කරන්නට තීරණය කර තිබෙනවා.

ඇය විසින් සිදු කරන ලද පැමිණිල්ල මත අකුරැස්‌ස පොලිසිය විසින් සැකකරු සමඟ ජංගම දුරකථන දෙකක්‌ ද අසභ්‍ය ඡායාරූප අඩංගු ලැප්ටොප් පරිගණකයක්‌ ද අත්අඩංගුවට ගෙන ඇත. අකුරැස්‌ස පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ පවත්වයි.

No comments:

Post a Comment