Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Monday, February 5, 2018

කොල්ලුපිටියේ අවන්හලක අධි ශීතකරණයේ පණ පිටින් කැබැල්ලෑවෙක්...!! ගෙනාවේ අධික මිලට චීන ජාතිකයන්ට මස් කර දෙන්නද..?

කොල්ලුපිටිය වාළුකාරාම පාරේ පිහිටි ප්‍රසිද්ධ චීන අවන්හලක අධිශීතකරණයකට පණ පිටින් දමා තිබූ කැබැල්ලෑවෙකු බේරා ගැනීමට කොල්ලුපිටිය පොලීසිය අද (05) දහවල් සමත් වී තිබුණා. මෙම සත්වයා දිගින් අඩි 4ක් සහ බරින් කිලෝ 6ක් පමණ වන අතර මෙම කැබැල්ලෑවා පණපිටින් අල්ලාගෙන විශාල මුදලකට මෙම අවන්හලට විකුණා ඇති බවට සැක පළ කරනවා.

මේ දිනවල අගනුවර හා ඒ ආශ්‍රීත සිදුකරනු ලබන ඉදිකිරීම් ව්‍යාපෘතිවල සේවය කරනු ලබන චීන ජාතිකයින්ට ඉත්තෑවන්, කැබැල්ලෑවන් ඇතුළු සතුන්ගේ මස් වලින් සැකසූ ආහාර අධික මිල ගණන් යටතේ විකුණනු ලබන බවට තොරතුරු ලැබී ඇති බවද වාර්ථා වන අතර චීන ජාතිකයින් මෙම මාංශ වලට දැඩි කැමැත්තක් දක්වන බව සඳහන්.

වන සත්ව සහ වෘක්ෂලතා ආඥා පනත යටතේ ආරක්ෂිත සත්වයෙකු වන කැබැල්ලෑවන් සන්තකයේ තබා ගැනීම,ප්‍රවාහනය, මැරීම, මස් අලෙවි කිරීම ආදිය නීතියෙන්ද තහණම් වනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීන සූපවේදියා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

No comments:

Post a Comment