Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Sunday, February 18, 2018

ශ්‍රීලනිපය ඉවත් වුනොත් බහුතරය ගන්නේ කොහොමද..? අගමැති අදත් සිරිකොතේ සාකච්ඡාවක...!

දේශපාලන කරලිය තුල කතාබහක් ඇතිකරමින් මේ වන විට යහපාලන ආණ්ඩුවේ ඇති වී තිබෙන දේශපාලන අර්බුදය පිළිබදව සහ එක්සත් ජාතික පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් හට ගෙන ඇති අර්බුදකාරි තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් අද (18) පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව අද පෙරවරු 11 ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එම සාකච්ඡාව පවත්වනු ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

එසේම අද (18) රාත්‍රියේ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් ද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර එහිදී ආණ්ඩුවේ පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් සහ ආණ්ඩුවක් පිහිටුවීමට දෙමළ ජාතික සන්ධානයේ සහය ලබාගැනීම පිළිබඳවද සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙහිදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වුවහොත් ආණ්ඩුවේ බහුතරය ගොඩනගා ගැනීම පිළිබඳවද සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

No comments:

Post a Comment