Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Thursday, February 8, 2018

බි‍්‍රගේඩියර් පි‍්‍රයංකට පරීක්ෂණයක් නෑ...? අභිනයෙන් පෙන්නපු ඇත්ත දේ ගැන හමුදාපති කියයි...!!

බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් අගනුවර ශි‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිටදි උද්ඝෝෂයේ නිරත වූ LTTE හිතවාදීන් පිරිසකට අතින් සංඥාවක් කල බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු පිළිබඳ මේ වන විට බෝහෝ දෙනා කතා කරනවා. සමාජ ජාලා හරහා එම අවස්ථාවේ වීඩියෝව ප්‍රසිද්ධ වීමත් සමඟ මෙම කතාබහා ඇති වූ අතර බි‍්‍රගේඩියර්වරයාගේ වැඩ තහණම් කරමින් ඒ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට විදේශ කටයුුතු අමාත්‍යංශය තීරණය කර තිබුණා.

කෙසේ වෙතත් සමාජ ජාලා තුලද ඉතා දැඩි ලෙස විවේචනයට ලක්වූ එම තීරණය අත්හිටුවා නැවත බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු සේවයේ පිහිටුවන ලෙස ජනාධිපතිවරයා නියෝග කර තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බවට පළවන ප්‍රකාශ අසත්‍ය බවත් ශි‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වන බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුට එරෙහිව කිසිඳු පරීක්ෂණයක් සිදු නොකරන බව හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක ඊයේ ප්‍රකාශ කලා.

අන්තර්ජාලයේ පළ වු අයුරින් මෙය කිසිසේත්ම උද්ඝෝෂණකරුවන්ගේ ගෙළ සිඳ දමන බවට කළ නිරූපනයක් නොවන බව පෙන්වා දුන් හමුධාපතිවරයා කියා සිටියේ ප්‍රභාකරන්ගේ ගුණ ගායනා කරමින් සිටියදී බි‍්‍රගේඩියර්වරයා එම ස්ථානයේ සිට සිය අතේ පළදාගෙන සිටි ශ්‍රි ලංකා ධඡය ඔවුනට පෙන්වා ශ්‍රි ලංකා රජය ප්‍රභාකරන්ගේ ගෙළ මුලුමනින්ම සිඳදා ඇති බවට නිරූපනය කර ඇති බවයි.

No comments:

Post a Comment