Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Tuesday, February 27, 2018

‘මම උදේ මෙතනට ආවම ශිෂ්‍ය නායිකාවක් බුලත් අතක් දීලා වැන්දා..මෙහෙම වෙන්න එපා..දේශපාලකයන්ට වඳින්න එපා‘ - ඇමති මංගල කියපු සුපිරි කතාව

බලය ඉදිරියේ දණ නොගසන තරුණ පරපුරක් නිර්මාණය කළ යුතු බව ඇමති මංගල සමරවීර මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ ඊයේ (26) මාතර පැවති උත්සවයකට සහභාගි වෙමිනි.

‘‘කෘෂි කාර්මික, කාර්මික, තාක්ෂණික විප්ලව ගැන අපි අහල තියෙනවා. දැන් කතා කරන්නෙ ඩිජිටල් විප්ලවය ගැන. ඊට සරිලන තරුණ පරපුරක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. කෘතිම බුද්ධිය ගැන කතා කරන යුගයක් අප ඉදිරියේ තියෙන්නේ. 2030 වෙනකොට ගණකාධිකාරීවරුන්ගේ කටයුතු සම්පූර්ණයෙන් ම තාක්ෂණය විසින් භාර ගන්නවා. 2025 වෙද්දි රියදුරන් නැති වාහන බිහිවෙන ලක්ෂණ පහළ වෙලා තියෙනවා.

2014 අයවැයන් මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරල තිබුණෙ රුපියල් බිලියන 196කට ටිකක් අඩුවෙන්. 2018 අයවැයෙන් අපි අධ්‍යාපන වෙනුවෙන් රුපියල් බිලියන 333ක් විතර වෙන් කරල තියෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් අපි කටයුතු කරන්නේ ඒ ආකාරයට.

මම උදේ මෙතනට ආවම ශිෂ්‍ය නායිකාවක් වෙන්න ඇති මට බුලත් අතක් දීලා වැන්ද. මම විශ්වාස කරන හැටියට මෙය සිදු නොවිය යුත්තක්. බලය ඉදිරියේ අපි කාටවත් නැමෙන්න ඕනෙ නෑ. තමන්ගෙ ආගමේ ශාස්තෘවරුන්ට වඳින්න, පූජ්‍ය පක්ෂයට වඳින්න, මවට පියාට වඳින්න, ගුරුවන්ට වඳන්න. ඒ ඇති. මෙතනට ප්‍රාදේශීය සභාවේ සභාපති ආවත් වඳිනවා, මන්ත්‍රී ආවත් වඳිනවා, කැබිනට් ඇමැති ආවත් වඳිනවා. මම ගෙදර ගිහින් මොන විදිහේ නීති විරෝධී වැඩ කරනව ද කියල ඔයාල කොහොම ද දන්නෙ? ඒ නිසා ගරුකරන කෙනෙකුට ගරු කරන්න. කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් සමාජයක් බිහි කරන්නයි අපට ඕනෙ.“

අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය සමාජ ජාල වෙබ් අඩවි තුළද කතාබහට ලක්වනු දැකගත හැකිවිය.

No comments:

Post a Comment