Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Sunday, February 18, 2018

දරුවෙකු ඇතුලු 14 කට මරු කැඳවමින් තවත් ගුවන් අනතුරක්..!!

මගීන් සහ කාර්‍යමණ්ඩලයේ 66 දෙනෙකු ජීවිතක්ෂයට පත්කරමින් ඉරානයේ සිදුවුන ගුවන් යානා අනතුරක් පිළිබඳවද අප අද (18) ඔබට වාර්තා කල අතර. තමත් එවැනිම සිදුවීමක් මෙක්සිකෝවෙන් වාර්තා වනවා.

මෙක්සිකෝවට ඊයේ (17) දිනයේදී බලපෑ රික්ටර් පරිමාණයේ 7.2 ක ප්‍රබල භූ කම්පනයෙන් පසුව එම ප්‍රදේශයේ පියාසර කරමින් තිබූ මෙම හෙලිකොප්ටර් යානය‍ කඩාවැටී තිබෙනවා.

එහිදී කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. හෙලිකොප්ටර් යානය එහි නියමුවාට පාලනය කරගැනීමට නොහැකිව මෙලෙස කඩාවැටී ඇති අතර භූකම්පනයෙන් බේරාගත් පිරිස් රැගත් වෑන් රථ පෙළක් මතට එය කඩා වැටී ඇති බවටයි වාර්තා වන්නේ.

යානය අනතුරට පත්වන අවස්තාවේදී මෙක්සිකෝ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සහ ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන් පිරිසක්ද එහි ගමන් කර ඇති අතර ඔවුන්ට කිසිඳු හානියක් සිදු වී නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ'.

No comments:

Post a Comment