Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Monday, February 5, 2018

විදුහල්පතිනිය දණගැස්වූ ඌව මහඇමති භික්ෂුවකට පහරදෙයි – Video

විදුහල්පතිනියක් දණ ගැස්වූ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක හිමි නමකට තර්ජනය කොට පහරදීමට උත්සාහ දරන වීඩියෝ පටයක් සමාජජාල වෙත එක් වී තිබෙනවා.එහිදී ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පළාත් සභා ගොඩනැගිල්ල තුළ දී අදාළ හිමිනමට බැන වැදී පහරදීමටයි තැත් කර ඇත්තේ.

මීට මාස දෙකකට පමණ පෙර රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක හමුවීම සඳහා පළාත් සභා පරිශ්‍රය තුළට පැමිණ තිබෙනවා.එහිදී එම පිරිසට සාකච්ඡාවක් සඳහා පළාත් සභා ගොඩනැගිල්ල තුළට පැමිණි අවස්ථාවේදී තමන්ට මෙලෙස පහරදීමට උත්සාහ දැරූ බවයි එම සංගමයේ කැදවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියන් අදහස් දක්වමින් කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක සඳහන් කළේ මෙම සිදුවීම පැරණි එකක් වන අතර, තමන් එම අවස්ථාවේදී හිමි නමට පහරදීමක් සිදුනොකළ බවයි.

විඩියෝව පහතින් නරඹන්න

No comments:

Post a Comment