Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Friday, February 2, 2018

අපේ ආදරයට මාස පහයි, එයා හරි වසයි , මම රගපානවට එයාගෙ වැඩි කැමැත්තක් නෑ" අලුත බැඳපු සැමියාගෙන් බුවනිට තහනමක් ?

බුවනි චාපා දියලගොඩ රංගන ශිල්පිණිය විවාහ ගිවිසගත් පුවත නෙත් ගොසිප් අප මින් පෙර වාර්තා කළෙමු. සිය සැමියා සහ විවාහය පිළිබදව පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් බුවනි අදහස් දක්වා තිබුණා.

එම සංවාදය පහතින්

බුවිනිගේ ජීවිතෙත් සුවිශේෂී වෙනසක් සිද්ධ වුණානේ. අලුත් වෙනස දැනෙන්නේ කොහොමද?

මගේ විවාහ ගිවිස ගැනීම සිද්ධ වුණා. මම තවම ඉන්නේ මගේ ගෙදර. හැබැයි ජීවිතයට දැනිච්ච නැති වගකීමක් දැන් දැනෙනවා.

ජීවන සහකාරයා විදිහට බුවිනිගේ ජීවිතයට බැඳුණු ඒ කෙනා කවුද කියලා කියමු නේද?

එයා කසුන් දේවින්ද ගාල්ලගේ. ගම මැදිරිගිරිය. නමුත් එයාලා ව්‍යාපාර කටයුතු කරන්නේකොළඹ. එයාලට කොළඹත් ගෙයක් තියෙනවා. ඒ ගෙදර තියෙන්නේ අපේ ගෙදර ළඟ. ඉතිං අසල්වාසී ප්‍රේමයක් තමයි අපි අතර ගොඩනැඟුණේ.

කොච්චර කාලයක්ද මේ ආදර කතාවට?

අපේ ආදර කතාවට මාස පහක් හයක් වගේ වෙන්නේ.

දැන් ඔය කාලය ඇතිද කසුන්ව තේරුම් ගන්න?

කසුන් කියන්නේ මම බලාපොරොත්තු වුණ ගතිගුණ තියෙන කෙනෙක්. එයාගේ පෞරුෂයට මම කැමැතියි. අපේ සම්බන්ධය පටන් ගත්ත ගමන් එයා අපේ පවුලේ අය එක්ක කතා කළා. එයාගේ අම්මා, තාත්තා, මල්ලි ආශ්‍රය කරද්දිත් එයාලගේ ආදරෙත් මට දැනුණා.

ඒ කියන්නේ කසුන්ගේ ගතිගුණද බුවිනිව අල්ල ගත්තේ?

ඔව්. ඒ වගේම මගේ අමුතුම චොයිස් එකක් තියෙන්නේ. කසුන් ටිකක් වසයි. මම ඒකට ආසයි.

සමහර කෙල්ලෝ සැර කොල්ලොන්ට කැමැති නෑනේ. බුවිනි මොකද සැර කොල්ලෙක්ට කැමැති වුණේ?

මාව කන්ට්‍රෝල් කරන්න පුළුවන් සැර කෙනෙක් හිටියොත් තමයි. ඉතිං ඒකයි මම මට වඩා සැර කෙනෙක් හෙව්වේ.

ඔය ආදර කතාවට දෙපාර්ශ්වයේ ආශීර්වාදය එක පයින් ලැබුණද?

ඔව්. එයාගේ පවුලේ අයත් මට ආදරෙයි. මගේ පවුලේ අයත් කසුන්ට කැමැත්ත දුන්නා. පවුල් දෙකත් හොඳට ගැළපුණා. ඒ නිසා එයාලගේ කැමැත්ත ගැන ගැටලුවක් එයි කියලා අපිට හිතුණේ නැහැ. ඒ වගේම පවුල් දෙකේම ආශීර්වාදය අපිට ලැබුණා.

බුවිනි ජීවිතයට තෝර ගත්ත කෙනා අක්කාගේ හිතටත් ඇල්ලුවාද?

අපේ සම්බන්ධය පටන් ගත්ත ගමන් මම ඒ ගැන අක්කට කිව්වා. කසුන්ව අක්කාටත් මුණ ගැස්සුවා. කසුන් ඕන කෙනෙක් එක්ක කතාබහ කරද්දි හරි ඉක්මනින් ඒ කෙනාව අල්ල ගන්නවා. ඕන කෙනෙක් ආකර්ෂණය කර ගන්න හැකියාවක් එයාට තියෙන්නේ. ඉතිං එයා අක්කාවත් ටක්ගාලා අල්ලා ගත්තා.

සුදුසුම කාලේ විවාහය ගැන සුදුසුම තීරණය ගත්තා කියලා හිතනවද?

දැන් මට අවුරුදු විසිපහයි. කසුන්ට අවුරුදු විසි හතයි. ඉතිං ජීවිතයට සුදුසුම කෙනා ලැබුණට පස්සේ විවාහය කල් යවන්න ඕනේ නැහැ. අපේ මවුපියන්ට ඕන වුණා විවාහ ගිවිස ගැනීම කලින් කරන්න. ඉතිං මවුපියන්ගේ ආශීර්වාදය ලබා ගෙන නිසි වයසේදි විවාහ වෙන්න මම වාසනාවන්ත වුණා.

විවාහ උත්සවයත් ළඟදීම ගනීද?

ඔව්. ඒකටත් ලොකු කාලයක් නැහැ. තව මාස පහකින් වගේ විවාහ උත්සවය ගන්නවා.

බුවිනි නිළියක් වෙලා ඉන්නවට කසුන් කැමැතිද?

කසුන් මාත් එක්ක සම්බන්ධය පටන් ගනිද්දිම කිව්වේ, මම තෝර ගත්තේ නිළියක් නෙමෙයි. ගෙවල් ළඟ ඉන්න කෙල්ලට තමයි මම ආදරය කළේ කියලා. මම නිළියක් කියන එක එයාට අදාළ නැහැ. මම රඟපානවට එයාගේ ලොකු කැමැත්තක් නැහැ.

ඒ කියන්නේ බුවිනි රඟපෑමෙන් අයින් වෙයිද?

ඔව්. මම කලාවෙන් අෑත් වෙයි. කසුන්ගේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වෙලා මම වැඩ කරනවා. එයාගේ අම්මයි, තාත්තයි එකටමයි කොහේ ගියත් යන්නේ. අපේ අම්මයි, තාත්තයිත් එහෙමයි. ඉතිං කසුන් වුණත් කැමැති නැහැ මම නැතුව කොහෙවත් යන්න.

කසුන්ගේ කැමැත්ත නිසාමද රංගනය කැප කරන්න හිතුවේ?

නැහැ. විවාහ වුණාට පස්සේ ඒ දේවල්වලින් අෑත් වෙනවා කියලා මම හිතාගෙන හිටියේ. පෞද්ගලික ජීවිතයයි, රංගනයයි බැලන්ස් කර ගන්න අමාරුයි. මම මේ කැප කිරීම කරන්න සූදානමින් හිටියේ. ඒත් මෙච්චර කලින් ඒක කරන්න වෙයි කියලා හිතුවේ නෑ. හැබැයි ඒ කැප කිරීම මම හරිම කැමැත්තෙන් කරන්නේ.

රංගන ක්ෂේත්‍රයේ හදාගත්ත තැන අහිමි වෙනවට දුකක් නැද්ද?

දුකයි. කලාවට මම පොඩි කාලේ ඉඳන් ආසයි. කලාව මට ගොඩක් දේවල් ලබා දුන්නා. ප්‍රේක්‍ෂකයන්ගෙන් අසීමිත ආදරයක් මට ලැබුණා. ඒ ආදරය මම කලාවෙන් අෑත් වුණත් නැති වෙන එකක් නැහැ.

ඒ කියන්නේ විවාහ වෙලා පවුලේ වගකීම් දරන්නයි බුවිනි ලෑස්ති වෙන්නේ?

මම ගෙදර පොඩි වගකීමක්වත් දරපු කෙනෙක් නෙවෙයි. විවාහ වුණාම ඒ වගකීම් දරන්න ඕන. පහසු නැහැ. ඒත් මගේ අම්මා, කසුන්ගේ අම්මා, මගේ අක්කා මට මඟ පෙන්වයි.

බුවිනි අලුත් වැඩකට සම්බන්ධ වුණේම නැද්ද?

චිත්‍රපට දෙකක රූගත කිරීම් අවසන් කළා. ඉදිරියේදී මගේ ප්‍රේක්‍ෂකයන්ට ඒ නිර්මාණවලින් මාව දකින්න ලැබේවි.

No comments:

Post a Comment