Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Monday, February 5, 2018

" සියඹලා කැව්වම තල්ලු කලේ නෑ - එකත් මගෙ පොඩි හුරතලයක්, පාලුයි හොදටම ආයෙ කරන්නෑ - එන්නකො නෑ මගෙ කිසි දගයක්" නා හිමියන්ට කියන මියන් රාජාගේ සංවේදී දුක් ගැනවිල්ල .!

අතිපූජ්‍ය බෙල්ලන්විමල විමලරතන නාහිමියන්ගේ අභාවය සමස්ත සමාජයම කම්පාවට ලක් කිරීමට සමත් වුණා. මෙම සංවේදී සිදුවීම සම්බන්ධයෙන් සමාජජාලා වෙබ් අඩවි වල විවිධ නිර්මාණ පළව තිබු අතර සිදුවිමට පාදක වූ ඇතා "මියන් රාජාගේ කවිය" ලෙසට නම් කර තිබු නිර්මාණයක් කතා බහට ලක්ව තිබුණා. එම නිර්මාණය පහතින් ,

මියන් රාජා ගේ කවිය.

බලාන උන්නා පන්සල පුරාම
මොකද්ද මන්දා කළබලයක්
ලොකු හාමුදුරුවො දකින්නවත් නෑ
තරහ වෙලා වගේ තවසැරයක්
සියඹලා කැව්වම තල්ලු කලේ නෑ
එකත් මගෙ පොඩි හුරතලයක්
පාලුයි හොදටම ආයෙ කරන්නෑ
එන්නකො නෑ මගෙ කිසි දගයක්

ඉස්සර උදේට ආවට අදනෑ
වැඩලද දන්නෑ දුර ගමනක්
ඉස්සර නං මට කියලයි යන්නේ
අද මට දැනෙනවා මහ වෙනසක්

මට ලොකු සාදුව හොයන් යන්න බෑ
අද මට පන්සල හිර ගෙදරක්
ආ දෙන් අද මම තරහම තරහයි
ලොකු සාදුත් දැං එක විදියක්

උපුටා ගැනීම ; ජීවන පහන් තිළිණගේ ෆේස්බුක් පිටුවෙන්

No comments:

Post a Comment