Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Tuesday, January 9, 2018

‘ලකුණු 5ක්‘ නිසා ඉන්දීය ජාතිකයෙකු සිරුරට ගිනි තබාගෙන අවසන් ගමන් යයි - හේතුව විරාත් කෝලිලු

පසුගියදා නිමාවට පත්වූ ඉන්දියා - දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟයේදී, ඉන්දීය නායක විරාත් කෝලි පළමු ඉනිමේදී ලකුණු 5කට දැවී ගිය ශෝකයෙන් ඉන්දියාවේ රත්ලාම් දිස්ත්‍රික්කයේ පුද්ගලයෙකු සිරුරට ගිනි තබාගෙන තිබෙනවා.

එහිදී බරපතල තුවාල ලැබූ අදාල පුද්ගලයා අද (09) දින මියගොස් ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙසේ මියගොස් ඇත්තේ Babubal Bairva නැමති 63 හැවිරිදි විශ්‍රාමලත් දුමිරිය සේවකයෙකි.

‘‘කෝලි දැවී ගියාට පස්සේ ඔහු හුඟක් කණගාටු වී තිබෙනවා.පසුව ඔහු ළඟ තිබුණු භූමිතෙල් බොතලයක් ඔලුවේ හලාගෙන ගිනි තියාගෙන තිබෙනවා..‘‘ යැයි එරට පොලීසිය පවසයි.

මෙම තරඟයේදී ලකුණු 72ක ජයක් දකුණු අප්‍රිකානු කණ්ඩායමට හිමිවූ අතර තරඟාවලියේ 1 - 0 ලෙසද ඔවුන් ඉදිරියෙන් සිටියි.

No comments:

Post a Comment