Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Thursday, January 11, 2018

විදුහල්පතිනිය දණ ගස්වා තමන්ට වන්දවා ගත් ඌවේ දේශපාලනඥයා

ඌව පළාත් සභාව යටතේ පාලනය වන බදුල්ල ප්‍රදේශයේ දෙමළ බාලිකා විද්‍යාලයක විදුහල්පතිනියක් තම නිවසට කැඳවා දණ ගැස්වූ බවට ඌව පළාතේ ප්‍රභල දේශපාලනඥයකුට එරෙහිව චෝදනාවක් එල්ල වී තිබෙනවා.

මෙම දෙමළ බාලිකා විද්‍යාලයට සිසුවියක ඇතුළත් කරගැනීම සඳහා අදාළ සිසුවියගේ දෙමව්පියන් විසින් මෙම දේශපාලනඥයාගේ ලිපියක්‌ රැගෙන විදුහල්පතිනිය හමුවීමට ගොස්‌ ඇති අතර විදුහල්පතිනිය එම ලිපිය ප්‍රතික්‍ෂේප කරමින් තමන් දේශපාලනඥයන්ගේ නියෝග ක්‍රියාත්මක කිරීමට බැඳී නොසිටින බවත් අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන්ගේ නියෝගවලට අනුව පමණක්‌ තමන් කටයුතු කරන බවත් පවසා ඇති අතර පසුව එම සිසුවියගේ දෙමාපියන් විසින් ඒ පිළිබඳ අදාල දේශපාලනඥයා වෙත දැනුම් දී තිබෙනවා.

ඉන් අනතුරුව ඌව පළාත් අධ්‍යාපන බලධාරීන් හරහා එම විදුහල්පතිනිය බදුල්ලේ පිහිටි තම නිල නිවසට ගෙන්වා ගෙන දණ ගස්සවා තමන්ගෙන් වැඳ සමාව ගන්නා ලෙස පවසා බලහත්කාරයෙන් වන්දවා ගෙන තිබෙන බවද වාර්තා වෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙසට කැෆේ සංවිධානය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් මහතා විසින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක්‌ද නිකුත් කර තිබෙනවා.

මෙය රාජ්‍ය සේවයේ ගරුත්වය කෙළෙසන ශිෂ්ට සම්පන්න නොවන , අමානුෂික ක්‍රියාවක්‌ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විශ්වාසය බැවින් මේ පිළිබඳව සොයා බලා සුදුසු පියවරක්‌ ගන්නා ලෙස තමන් ඉල්ලා සිටින බව කීර්ති තෙන්නකෝන් වැඩිදුරටත් එම ලිපියේ සඳහන් කර තිබුනා.

No comments:

Post a Comment