Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Saturday, January 27, 2018

"ඇයි සර් මගේ කඩේ මාව අඳුරන්න බැරිද? " කඩේ බිඳලා හොරකම් කරපු හොරා අපූරූ උපක්‍රමයකින් පොලීසියත් රවට්ටලා පැනලා ගිහින් .!

වෙළදසැලක් බිඳ එයට ඇතුලු වී සොරකමේ යෙදුණු පුද්ගලයෙක් , පොලිස් නිළධාරීන් රැවටීමට උත්සාහ කර පලා ගිය පුවතක් වාර්තා වෙනවා. ඒ කඳාන ප්‍රදේශයෙන්.

පසුගියදා අලුයම කඳාන දුම්රියපළ අසල එළවළු අලෙවි සලක ඉබි යතුරු කඩා මෙම පුද්ගලයා වෙළදසැලට ඇතුලුව තිබේ. කෙසේ වෙතත් මෙම සොරකම දුටු ප්‍රජා සිවිල් ආරක්‍ෂක සාමාජිකයෙක්‌ ඒ මොහොතේම කඳාන පොලිසියට දැනුම් දී ඇත.
මෙම දැනුම් දීමට අනුව වහාම එම ස්ථානයට පැමිණි පොලිස් නිළධාරීන් වෙළෙඳසල තුළ සිටි සොරා කොටු කර ගැනීමට සමත් වී තිබේ.

එම දැනුම් දීමට අනුව එම ස්‌ථානයට පැමිණි පොලිස්‌ නිලධාරීන් වෙළදසැල තුල සිටි පුද්ගලයාට වෙළදසැලෙන් පිටතට පැමිණෙන ලෙස කියා තිබේ.

"කරුණාකර එළියට එනවා තමුන් කඩේ ඇතුලේ මොනවද කරන්නේ?

"ඇයි සර් මගේ කඩේ මාව අඳුරන්න බැරිද?

යකඩ ඉබ්බෙක්‌ හා යතුරක්‌ රැගෙන එළියට ආ සොරාගෙන් ප්‍රශ්න කළ පොලිසිය "තමුසේ කඩේ අයිතිකාරයා නම් කියනවා බලන්න එහා කඩේ මොනවාද විකුණන්නෙ කියලා. "මාළු" යෑයි සොරා පිළිතුරු දී තිබිණි.

"බොරු කියන්න එපා" යැයි පොලිසිය පවසනවාත් සමගම පොලිස්‌ නිලධාරීන්ද පෙරළාගෙන සොරා පලාගොස්‌ තිබිණි. සොරාගේ අරමුණ ඉටු නොවුණද සොරා පැමිණි මවුන්ටන් වර්ගයේ පා පැදිය හා පැළඳ සිටි සෙරෙප්පු යුගළ රැගෙන පොලිස්‌ නිලධාරීන් එම ස්‌ථානයේ නික්‌මගොස්‌ තිබෙන බව සදහන්.

No comments:

Post a Comment