Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Saturday, January 27, 2018

දරුවන්ගේ රැකවරණය හා ආරක්ෂාවට අලූතින් සැලසුම් කළ පුළුල් වැඩපිළිවෙලක්

මෙරට දරුවන්ගේ රැකවරණය සහ ආරක්‍ෂාව තහවුරු කිරීමට අලූතින් සැලසුම් කළ පුළුල් වැඩපිළිවෙලකට සියළු දෙනා එක්විය යුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. පාසල මෙන්ම නිවසද දරුවන්ට සුරක්‍ෂිත වියයුතු අතර වාණිජ සමාජයේ අභියෝග හමුවේ දරුවන් පීඩාවට පත් කිරීමට ඉඩ නොතැබිය යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

නිට්ටඹුව සංඝබෝධි මහා විද්‍යාලයේ අලූතින් ඉදිකළ පන්නිල ශී‍්‍ර ආනන්ද නාහිමි ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

No comments:

Post a Comment