Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Wednesday, January 17, 2018

අමරවීර ගිය හෙලිකොප්ටරයේ නියමුවාට වැඩ වරදියි..!

කොළඹ සිට පලාලි දක්වා මහින්ද අමරවීර මහතාව පෞද්ගලික ගුවන් යානයකින් අවදානම් සහගතව රැගෙන ගිය ගුවන් නියමුවා පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවත් එහිදී ගුවන් නියමුවකු ලෙස ඔහු සුදුසුකම් ලැබූ ආකාරය ගැන පරීක්ෂා කරන බවත් සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.

වගකීමකින් තොරව කටයුතු කිරීම මෙන්ම නිවැරැදි ගමනාන්තයක් පිළිබඳ සැලැස්මක් හා අවබෝධයකින් තොරව කොළඹ සිට පලාලි දක්වා අමාත්‍යවරයාව රැගෙන යෑම සම්බන්ධයෙන් සුදුසුකම් ලත් නිලධාරීන් කණ්ඩායමක් මේ සඳහා පත්කර ඇතැයිද එහි අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී. නිමල්සිරි මහතා ප්‍රකාශ කරයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ ගුවන් නියමු බලපත්‍රය අත්හිටුවා ඇතැයි සඳහන් කරන අධ්‍යක්ෂ ජනරාල්වරයා විශේෂිත පුද්ගලයකුගේ මෙන්ම ඕනෑම පුද්ගලයකුගේ ජීවිතයක් අනතුරේ හෙළීම හා මාර්ගය පිළිබඳ අවබෝධයකින් තොරව පියාසර කිරීම කිසිදු ගුවන් නියමුවකු විසින් නොකළ යුත්තක් බව හෙතෙම සඳහන් කරයි.

පලාලිහි පැවැති තෛපොංගල් උත්සවයකට සහභාගිවීමට එහි ගිය අමාත්‍යවරයා ගුවන් ගමන් වාරයට අනුව පලාලි සිට කොළඹ බලා පියාසර කළ ගුවන් හමුදා ගුවන් යානයකින් ආපසු පැමිණ තිබේ.

No comments:

Post a Comment