Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Monday, January 22, 2018

" හේනේ බඩ ඉරිගු කන්න අලියෙක් ආපු නිසා කේන්ති ගිහින් , හේනේදීම අලියා මරා පුච්චා දමලා " උණගොල්ලෑවෙන් ඇහෙන සංවේදී කතාවක් .!

ශ්‍රී ලංකාවේ අලි සම්පත, මිනිසුන් විසින් විනාශ කරමින් පැවතීම පසුගිය දිනවල අතිශය කතාබහට ලක් විය. ඇත් දළ ජවාරම්කරුවන් විසින් ඇතුන් මරා දැමීම සහ වගාවන් ආරක්ෂා කිරීමට ඇටවූ විදුලි රැහැන් ආදීයේද පැටලී අලි ඇතුන් මිය යාමේ සිදුවීම් නිබදවම වාර්තා විය.

මේ අතර සිය බඩඉරිඟු හේනට පැමිණ වල් අලියෙකු මරා දමා පිළිස්‌සු බව කියන හේන් ගොවියෙකු පිළිබද මෙවැනි සිදුවීමක් උණගොල්ලෑව ගම්මානයෙන් වාර්තා වෙනවා.

උණගොල්ලෑව ගම්මානයේ පදිංචි මෙම පුද්ගලයා එම ගම්මානයේම බඩඉරිඟු හේනක් පවත්වා ගෙන ගොස් තිබෙනවා. මෙම හේනට දින කිහිපයක් තිස්සේම පැමිණි වල් අලියෙකු පිළිබදව මෙම හේන් ගොවියා පසුව තිබෙන්නේ දැඩි කෝපයෙන්. කෙසේ වෙතත් පසුගිය දින මෙම වල් අලියා සිය හේනට නැවත පැමිණි පසු වෙඩිතබා හෝ විදුලිසර වද්දවා මෙම පුද්ගලයා විසින් එම අලියා මරා දමා තිබෙන බව සදහන්. සිදුවීම වසන් කිරීම සදහා මෙම පුද්ගලයා විසින් මරා දැමූ අලියා කපා පුලුස්සා දමා තිබූ බවට වාර්තා වෙනවා.

එම පුද්ගලයාගේ බඩඉරිඟු හේනේ තැනින් තැන අලියෙකුගේ අස්ථි කොටස් දමා ඇති බවට මොරගොඩ පොලිසියට ලැබුණ තොරතුරකට අනුව මොරගොඩ පොලිස්‌ ස්‌ථානයේ නිලධාරීන් ඉකුත් 20 වෙනි දින පෙ.ව. 09.00 ට පමණ එම ස්‌ථානයට ගොස්‌ කළ පරික්‌ෂාකර බැළීමකින් පසු සැකකරු අත්අඩංගුවට ගත්බව මොරගොඩ පොලිසිය පවසනවා. මරාදැමුණු වල් අලියා කපා ටයර් සහ දර දමා පුළුස්‌සා එසේ පිළිස්‌සුණ කොටස්‌ සැකකරුගේ හේනේ තැනින්තැන දමා ඇති අයුරු දැකගන්නට ලැබුණු බවත් සැකකරු අනුරාධපුර මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතබවද මොරගොඩ පොලිසිය වැඩි දුරටත් සදහන් කරනවා.

No comments:

Post a Comment