Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Tuesday, January 16, 2018

ෆේස්බුක් ඔස්සේ මිතුරු වූ "හොරා" සරසවි සිසුවියගේ ලක්ෂ ගණනකට විදලා - දිනුමක් ඕනේ නම් සල්ලි දාන්නලු .!

පරිඝණක , ජංගම දුරකතන ආශ්‍රිතව සිදුවන අපරාධ සහ වංචා පිළිබදව පුවත් වත්මන් සමාජයේ නිරතුරුවම ඇසීමට ලැබෙනවා. එවැනි අපරාද , වංචා සහ රැවටීම් වලට මහජනතාව හසුවීම වලක්වා ගැනීමට මාධ්‍ය මගින් දැනුවත් කිරීම්ද නිරතුරුවම සිදු වෙනවා. නමුත් මෙවැනි වංචාකරුවන් සිය කූඨ උපක්‍රම භාවිතා කරමින් සමාජයේ නොයෙක් ස්ථරයන්හි පුද්ගලයන් රවටා සිය ජවාරම් පවත්වාගෙන යනවා.

එවැනි වංචාවකට හසූවූ සරසවි ශිෂ්‍යාවක් පිළිබදව වාර්තා වෙනවා. මෙම ජාවාරම්කරුවන් විසින් කොළඹ සරසවියේ ආයුර්වේද උපාධියක් හදාරන සිසුවියක් රවටා මෙලෙසින් රුපියල් හත්ලක්ෂ හැත්තෑපන්දහසක් වංචා කර තිබෙන බව සදහන්.

පරිගණකයක් භාවිත කර අන්තර්ජාලය ඔස්සේ සිදුකළ විශාල අපරාධයක් ලෙස මෙය සැලකේ. මෙම සිසුවියගේ ෆේස්බුක් ගිණුම හරහා මිත්‍ර වී ඇයට විශාල ත්‍යාගයක් හිමි වී ඇති බවත් එය ලබා ගැනීමට යැයි පවසමින් මෙම ජාවාරම්කරුගේ යැයි සැලකෙන ගිණුමකට මෙම සිසුවිය විසින් මෙම හත් ලක්ෂ හැත්තෑපන් දහස දමාගෙන ඇත. මෙම ත්‍යාගය ලබා දීමට යැයි පවසා 2018 ජනවාරි තෙවැනි දින දුරකතන ඇමතුමක් ලබාදී ඇත. එම ඇමැතුමෙන් පැවැසූ පරිදි ගිණුම් අංකයක්ද ලබාදී මෙම සිසුවියගේ මුදල් වංචා කර ඇති බවට වාර්තා වේ.මෙම වංචාවට හසුවී කඹුරුපිටිය පොලිසියට පැමිණිලි කර ඇත්තේ බැරගම මුලටියන පාර මාකඳුර පදිංචි විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකි.

විශ්ව විද්‍යාල සිසුවියක් සැලකෙන්නේ පරිඝණක සාක්ෂරතාව සහ නව තාක්ෂණය මෙන්ම විමසිලිමත්කමෙන්ද සාමාන්‍ය සමාජයට වඩා ඉහලින් සිටින පුද්ගලයෙකු ලෙස වුවත් , මෙවැනි වංචාවන්ට සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද හසුවීමේන් පැහැදිලි වන්නේ මෙවැනි වංචා පිළිබදව තවමත් අප සමාජයේ ඇති නොදැනුවත්කමයි. එම නොදැනුවත්කම භාවිතා කරමින් වංචාකරුවන් සිය ජාවාරම් කූඨ ලෙස මෙහෙයවමින් සිටි.

No comments:

Post a Comment