Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Thursday, January 18, 2018

මවගේ සුළු අතපසු වීම දරුවාගේ ජීවිතය අවුරුදු දෙකහමාරකට සීමා කරයි..! නොච්චියාගමින් ඇසුනු සංවේදී කතාවක්.

කුඩා දරුවන් සිටින දෙමාපියන් දරුවන් කෙරෙහි දක්වන සැළකිල්ල ඉතා ඉහල මට්ටමක තිබෙනවා. නමුත් ඒ සැළකිල්ල අවධානය මොහොතකට හෝ ගිලිහුනහොත් බොහෝ අවාසනාවන්ත සිදුවීම් සිදුවීමට ඉඩකඩ තිබෙනවා. එවන් වූ ඉතා ඛේදජනක පුවතක් නොච්චියාගම අබගහවැව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

එම ප්‍රද‍ේශයේ පදිංචි නිතිස්‌ සොනක්‌ෂ වන්නිනායක නමැති වයස අවුරුදු දෙකහමාරක් දරුවෙකු සෝඩා බෝතලයක තිබූ දියර වර්ගයක් පැණි බීම යැයි පානය කිරීමෙන් අනතුරුව මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.

දරුවාගේ මව මුළුතැන්ගෙයි ආහාර පිළියෙල කරමින් සිටින අතරතුර මෙම දරුවා මිදුලේ බයිසිකලය පදිමින් සිට ඇති අතර ටික වේලාවකින් එම බෝතලයද රැගෙන මව අසළට පැමිණ තමන් එම බෝතලයේ තිබූ දේ පානය කල බවත් පසුව බඩ රිදෙන බව ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුව දරුවා නොච්චියාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර තිබුණා. එහිදී දින හයක්‌ පුරා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සඳුදා (15) දරුවා ජීවිතක්ෂය පත්වුණා.

වාත අමාරු සඳහා ආලේප කිරීමට ගෙනා පරණ තෙල් වර්ගයක්‌ තම දරුවා පානය කර ඇති බවටයි දරුවාගේ දෙමාපියන් පොලීසියට ප්‍රකාශ කර තිබුණේ.

දරුවන්ගේ භාවිතයට නුසුදුසු දේවල් හා ඔවුන්ට හානියක් වේයැයි සිතෙන දේවල් දරුවන්ගෙන් ඈත්කර තැබීමේ පණිඩිවය මෙම සිදුවීම තුලින් දෙමාපියන්ට නැවත නැවතත් මතක් කර දෙනවා.

No comments:

Post a Comment