Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Thursday, January 11, 2018

චීනයට එරෙහිව සිංගප්පූරු ජාතිකයාගෙන් ආ 119 ඇමතුම..!

හලාවත - අඹකදවිල ප‍්‍රදේශයේදී චීන ජාතිකයෙකු විසින් සිංගප්පූරු ජාතිකයෙකුට පහරදුන්නේයැයි කියන සිදුවීමක් වාර්තා වෙනවා. ඊයේ (10) සවස සිදුවූ මෙම සිදුවීමෙන් පසු අදාල සිංගප්පූරු ජාතිකයා පොලිස් හදීසි ඇමතුම් අංකයට දුරකතන ඇමතුමක් ලබා දී තිබුණා.

මෙලෙස පහර දීම සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ "Zoo Licai" නම්වූ 57 හැවිරිදි චීන ජාතිකයෙක් වන අතර පහර කෑමට ලක්ව තිබුනේ "Eagrian Zoo" නම් සිංගප්පූරු ජාතිකයෙක්.ඔහු හලාවත, අඹකදවිල ප‍්‍රදේශයේ මුහුදු කූඩැල්ලන් අභිජනනය කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වා යන අයෙක් බවටයි වාර්තා වන්නේ.

පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති චීන ජාතික පුද්ගලයාද එම අභිජනන මධ්‍යස්ථානයේම සේවය කළ පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කරනවා.ඊයේ සවස් කාලයේදී දෙදෙනා අතර ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාම නිසා මෙම පහරදීම සිදුකර ඇති බව පොලිස් විමර්ශන වලදී හෙලීවී තිබුණා.

පහර දීම නිසා තමන්ට තුවාලයක් සිදු නොවූවද ඇතිවූ මරණ බය නිසා තමන් මේ පිළිබඳව පොලීසියට පැමිණිළි කල බවයි පහර කෑමට ලක්වූ සිංගප්පූරු ජාතිකයා ප්‍රකාශ කර ඇත්තේ.මේ පිළිබඳව හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

No comments:

Post a Comment