Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Tuesday, January 9, 2018

කොළඹ කෑම මිළට අද සිට වෙන දේ..! ආපනශාලා හිමියන්ගේ සංගමයෙන් තීරණයක්. මහජනතාවට පාඩුවක්..!

ලන්ච් ෂීට් සහ ෂොපින් බෑග් ඇතුලු මයික්‍රෝන 20 ට අඩු පොලීතින් නිෂ්පාදනය, අලෙවිය සහ බෙදා හැරීම පසුගිය ජනවාරි පළමුවෙනිදා සිට තහනම් කරනු ලැබුවා. මේ හේතුව නිසා පාර්සල් කරන ලද ආහාරවල මිල රුපියල් 10 කින් ඉහල දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

පොලිතීන් මිල ඉහළ යාමත් සමඟ ලන්ච් ෂීට් සහ ෂොපින් බෑග් සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම නිසා මෙලෙස කෑම පාර්සලයක මිල ඉහල දැමීමට තීරණය කර ඇති බවයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් සඳහන් කරන්නේ.

එසේම පොලිතින් මිල වැඩිවීම නිසා පොලිතින් බෑග් සපයන ඇතැම් විකුණුම්කරුවන් පොලිතින් බෑග් සැපයීම ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වෙනවා.

මේ අතර මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර විසින් පසුගියදා කොළඹ නගර සීමාව තුළ විශේෂ වැටලීමක් සිදුකර තිබුණා.එහිදී බොහෝ වෙළඳසැල් හිමියන් ජෛව ප්‍රසාරණය කළ හැකි පොලිතින් වර්ග භාවිතා කරන බව නිරීක්ෂණය වී තිබුණා.

No comments:

Post a Comment