Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Monday, January 8, 2018

" මට කොන්ඩේ නැතුව ඉන්න පුලුවන් නම් ..." උදාරී පෙරේරා හිස මුඩු කරයි , හේතුව සංවේදීයී .!

පිළිකා රෝගය නිසා පීඩා විදින දහස් ගණනකට බලාපොරොත්තුවක් ලබා දීමට ජනප්‍රිය රංගන ශිල්පිණි උදාරී පෙරේරා සිදු කළ අපූරූ ක්‍රියාවක් පිළිබදව වාර්තා වනවා. එනම් උදාරී පෙරේරා විසින් සිය හිස මුඩු කරමින් , ඡායාරූප කිහිපයක් සමාජජාලා වලට එක් කිරීමයි.
මේ පිළිබදව අදහස් දක්වන උදාරී පෙරේරා කියා සිටින්නේ " පිළිකා නිසා හිස කෙස් ඉවත් වීම නිසා සමාජයෙන් කොන් වේ යැයි දුර්මතයක සිටින අහිංසක පිළිකා රෝගින්ගෙ මානසික මට්ටම ශක්තිමත් කිරීම උදෙසා" මෙම ක්‍රියාව සිදු කළ බවයි.

එනම් තමන් රංගන ශිල්පිණියක් ලෙස කෙස් නොමැතිව සමාජයෙ ජීවත් විය හැකි නම් පිළිකා රෝගින්ද තමන්ගෙ හිස කෙස් ඉවත් වීම ගැන මානසික සිත් තැවුලකට පත් නොවිය යුතු යැයිද හිස කෙස් නොමැති නිසා සමාජයෙන් කොන් වේ යැයි මතයක සිටිනවානම් එයද හිතෙන් ඉවත් කරගන්න ලෙසද උදාරී පවසනවා.

උදාරී හිස මුඩුකර සිටින ඡායාරූප පහතින් ,

No comments:

Post a Comment