Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Thursday, January 4, 2018

ලංකාවේ සුන්දරත්වය බලන්න ආපු විදේශිකයන්ට ලංකාවේ අයෙක් කරපු නොහොඹිනා වැඩේ

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා උදෑසන ධාවනය වු පොඩි මැණීකේ දුම්රියේ ගමන් ගත් විදේශ සංචාරක කාන්තාවන් තිදෙනෙකුගේ මුදල් සහිත ගමන් මළු තුනක් සොරා ගැනිමේ සිද්ධියක් සම්බන්ධයෙන් තලවාකැලේ පොලිසිය පුළුල් පරික්‍ෂණයක් ආරම්භ කර තිබේ.

ඔස්ට්‍රේලියන් ජාතික කාන්තාවන් දෙදෙනෙක් හා ප‍්‍රංශ ජාතික කාන්තාවක් ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ මහනුවර දුම්රිය ස්ථානයෙන් උදෑසන ඇල්ල දුමිරිය ස්ථාන දක්වා පොඩි මැණිකේ දුම්රියේ දෙවන පංතියේ මැදියේ ගමන් කරමින් සිටියදි තමන් සතු ගමන් මළු නොමැති බවට එම කාන්තාවන් තිදෙනා ඇල්ල පොලිසිය වෙත කරන ලද පැමිණීල්ලකට අනුව පරික්‍ෂණ ආරම්භ කරන ලෙස ඇල්ල පොලිසිය මගින් තලවාකැලේ පොලිසියට දැනුම් දි තිබේ.

තලවාකැලේ දුම්රිය ස්ථානයේදි තමන් සතු ගමන් මළු අස්ථාන ගත වී ඇති බවට එම විදේශ කාන්තාවන් පොලිසියට කර ඇති අතර පැමිණීල්ලේ සඳහන් කර ඇත්තේ එම ගමන් මළු තුල මුදල් පරිඝණක යන්ත‍්‍ර කැමරා සහ ඇදුම් තිබු බවයි.

No comments:

Post a Comment